Home » ජනපති ආරක්ෂක අංශ ප්‍රධානීන් සමඟ විශේෂ සාකච්ඡාවක්

ජනපති ආරක්ෂක අංශ ප්‍රධානීන් සමඟ විශේෂ සාකච්ඡාවක්

by sachintha
September 24, 2024 1:07 am 0 comment

නව වන විධායක ජනාධිපති ලෙස දිවුරුම්දීමෙන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ත්‍රිවිධ හමුදාපතිවරු, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ වැඩ බලන පොලිස් පරිපාලන අංශ ප්‍රධානී සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (23) විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

එහිදී ජනාධිපතිවරයා මැතිවරණ කාලසීමාවේදී කිසිදු සිදුවීමකට ඉඩ නොතබමින් රටේ ආරක්ෂාව සැලසීමට ක්‍රියා කිරීම සම්බන්ධයෙන් පොලිසියට හා හමුදාවට සිය ස්තූතිය පළ කර ඇත.

අලුත් දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමට මේ යන ගමනේදී කිසිම ප්‍රචණ්ඩ ක්‍රියාවකට ඉඩ නොතබන ලෙස මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT