අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට තේරී පත්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ලක්ෂ්මන් නිපුණආරච්චි මහතාගේ නම ගැසට්ටුවක් මඟින් ප්‍රකාශයට පත් කර තිබේ.
මැතිවරණ කොමිසමේ සභාපති කේ.එල්.ඒ.එම්. රත්නායක මහතා ඊයේ (23) පෙරවරුවේ ඊට අත්සන් කර ඇත. 2020 මහමැතිවරණයේ දී ජාතික ජන බලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග කළේය. මේ අතර කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රීවරයකු වූ අනුර කුමාර දිසානායක මහතා ඊයේ (23) සිට ජනාධිපති ධුරයට පත් වූ බැවින් පාර්ලිමේන්තුවේ පුරප්පාඩුවක් පවතින බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය මැතිවරණ කොමිෂන් සභාවට දන්වා තිබිණි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66 (ඇ) ව්‍යවස්ථාව සහ 1988 අංක 35 දරන ඡන්ද විමසීමේ විශේෂ විධිවිධාන පනතින් සංශෝධිත 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64 (1) වගන්තිය ප්‍රකාරව මෙම දැනුම්දීම සිදු කරන බව ද මහ ලේකම්වරිය සිය ලිපිය මඟින් මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දී ඇත.
ස්වර්ණා විජේකෝන්,
සුභාෂිණි සේනානායක