ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අභිනව ජනාධිපති ලේකම් ලෙස පත් කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊයේ (23) මෙම පත් කිරීම කළ අතර අදාළ පත්වීම් ලිපිය ජනාධිපතිවරයා විසින් නව ලේකම්වරයා වෙත භාර දී ඇත. කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාවේ දී ගෞරව උපාධිය ලබාගත් කුමානායක මහතා ජපානයේ National Graduate Institute for Policy Studies (GRIPS) වෙතින් සංවර්ධන ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ සහ රාජ්‍ය ආර්ථික විද්‍යාව ( Public Economics) පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබාගෙන ඇත. ආචාර්ය කුමානායක මහතා රේගු දූෂණ පිළිබඳ පර්යේෂණ සිදුකර ඇති අතර එම පර්යේෂණ ජාත්‍යන්තර ප්‍රකාශන ගණනාවක ප්‍රකාශයට පත්කර ඇත.
ඔහු ලෝක රේගු සංවිධානය (World Customs Organaisation) රේගු නවීකරණය සහ සුපිලිපන්නභාවය වර්ධනය කිරීම පිළිබඳ වරලත් උපදේශකයෙකි. 1997 වසරේ රේගු නිලධාරියකු ලෙස සේවයට බැඳුණු කුමානායක මහතා ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකු ලෙස සේවය කරන ලදී. ඔහු මාතර රාහුල විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකුද වෙයි.
උපාලි කරුණාරත්න සහ සුභාෂිණී සේනානායක