73
බදුල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ හල්පෙ ප්‍රදේශයේ මීට මාස කිහිපයකට පෙර ගිලා බැස ගිය කොටස සඳහා තවමත් ප්‍රතිකර්මයක් සිදුකර නොමැත.
එම ප්‍රදේශයේ විශාල කොටසක් පහළ බෑවුමට කඩා ගොස් ඇති අතර මාර්ගයේ වාහන ගමනාගමනය එක් මං තීරුවකට සීමා වී ඇත. බෑවුම සහිත ප්‍රපාතය පහතින් ඇති හෙයින් එහි අනතුරුදායක බව වැඩිය. එම නිසා මෙම මාර්ගයේ ගිලා බැස ඇති කොටස කඩිනමින් ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ප්‍රදේශවාසීහු අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
බෙලිහුල්ඔය – සමන්තා කංකානම්ගේ