Home » කිනිතුල්ලන්ගෙන් පැතිරෙන වයිරසයක් චීනයෙන් හමු වෙයි

කිනිතුල්ලන්ගෙන් පැතිරෙන වයිරසයක් චීනයෙන් හමු වෙයි

by sachintha
September 25, 2024 1:04 am 0 comment

කිනිතුල්ලන් සපා කෑමෙන් මිනිසුන් අතර පැතිරී යා හැකි ස්නායු රෝගාබාධ ඇතිකරන වයිරසයක් චීනයෙන් සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. තෙත්බිම් වයිරසය ලෙස හඳුන්වනු ලබන එම වයිරසය පළමු වරට සොයාගෙන ඇත්තේ 2019 වසරේදී එරට ජින්ෂෝ නුවර 61 හැවිරිදි පුද්ගලයකුට වැලඳීමෙන් පසුව බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

ඔහු රෝගාතූර වී ඇත්තේ මොංගෝලියාවේදී කිනිතුල්ලන් සපා කෑමෙන් දින පහකට පසුව බව ද වාර්තා වේ. වෛද්‍ය වාර්තාවට අනුව එම පුද්ගලයාට උණ, හිසරදය, වමනය සහ ප්‍රතිජීවක ඖෂධවලට ප්‍රතිවිරෝධී වීමේ රෝග ලක්ෂණ මතු වී තිබූ බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය. එය දකුණු අප්‍රිකාවේ කොංගෝ දේශයට ආවේණික රක්තපාත උණ වයිරසයට සමාන බවත්, වයිරසයට ගොදුරු වන පුද්ගලයන්ගේ මොළයට බලපෑම් ඇති කරන මාරාන්තික තත්ත්වයක් මතු විය හැකි බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

උතුරු චීනයේ සිදු කළ දීර්ඝ පරීක්ෂණයකින් පසු එරට විවිධ ස්ථානවලින් සැක සහිත කිනිතුල්ලන් 14,600ක් සොයා ගෙන ඇති අතර, පරීක්ෂණයට ලක් කිරීමෙන් පසු එම වයිරසය බැටළුවන්, අශ්වයන්, ඌරන් සහ මීයන්ගේ සිරුරුවල ද අඩංගු බව හෙළි වී ඇතැයි වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT