Home » දුම්රියක් පීලි පැනලා: කොළඹ-බදුල්ල දුම්රිය ගමන්වලට බාධා

දුම්රියක් පීලි පැනලා: කොළඹ-බදුල්ල දුම්රිය ගමන්වලට බාධා

by sachintha
September 25, 2024 1:07 am 0 comment

 

බදුල්ල සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ අංක 1596 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය ඊයේ (24) දහවල් දෙමෝදර දුම්රිය ස්ථානය අසල දී පිලී පැනීමට ලක්වීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනයට බාධා සිදුවූ බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.

මෙම අංක 1596 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේ දී පිලී පැනීමට ලක් වූ තෙවන අවස්ථාව මෙය බව ද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බදුල්ල සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබියදී පීලිපැනීමට ලක් වූ මෙම අංක 1596 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රියේ පසුපස නැරඹුම් මැදිරිය මෙලෙස පීලි පැනීමට ලක් වී ඇති අතර, මේ නිසාවෙන් දුම්රිය මාර්ගයේ සිල්පරකොටන් කැඩී ගොස් අලාභ හානි වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් කීය.

මෙම දුම්රිය පීලි පැනීම නිසාවෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල දෙමෝදර අතර දුම්රිය ධාවනය අඩාළ වී ඇති නමුත් කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන දුම්රියන් ප්‍රමාදවී ධාවනය වූ බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය සදහන් කළේය.

සී. ගමගේ – සොරණාතොට සමූහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT