Saturday, May 3, 2025
Home » ප්ලාස්ටික් අපද්‍රව්‍ය එක්රැස් කරන මධ්‍යස්ථානයක් පුත්තලමේදී විවෘත කිරීමට පියවර

ප්ලාස්ටික් අපද්‍රව්‍ය එක්රැස් කරන මධ්‍යස්ථානයක් පුත්තලමේදී විවෘත කිරීමට පියවර

by sachintha
September 25, 2024 1:10 am 0 comment

පරිසර දූෂණය අවම කිරීමේ පියවරක් ලෙස ප්ලාස්ටික් අපද්‍රව්‍ය එක්රැස් කිරීමේ මධ්‍යස්ථානයක් පුත්තලම ප්‍රදේශයේදී විවෘත කිරීමට INSEE Ecocycle ආයතනය පියවර ගෙන තිබේ.

INSEE Cement සමාගමේ අපද්‍රව්‍ය කළමනාකරණ අංශය මෙන්ම මෙරට තිරසර අපද්‍රව්‍ය කළමනාකරණ විසඳුම් සම්බන්ධ ප්‍රමුඛයා වන INSEE Ecocycle, කාන්තාවන්ගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන අපද්‍රව්‍ය එක්රැස් කිරීමේ මධ්‍යස්ථානයක් (Material Recovery Facility – MRF) පුත්තලම ප්‍රදේශයේ විවෘත කිරීමට පසුගියදා පියවර ගත්තේය. මෙය ශ්‍රී ලංකාව තුළ ප්ලාස්ටික් නිසා සිදුවන පරිසර දූෂණය අවම කිරීම සඳහා INSEE Ecocycle දරන උත්සාහයේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් වෙයි.

මෙම මධ්‍යස්ථානය විවෘත කිරීම, South Asia Co-operative Environment Programme (SACEP) මඟින් ක්‍රියාවට නංවනු ලබන PLEASE (Plastic Free Rivers and Seas for South Asia) ව්‍යාපෘතියේ එක් වැදගත් අදියරක් වන අතර ලෝක බැංකුවේ සහ එක්සත් ජාතීන්ගේ ව්‍යාපෘති සේවා කාර්යාලයේ (United Nations Office for Project Services – UNOPS) සහයෝගය ඇතිව, ශ්‍රී ලංකාව තුළ ප්ලාස්ටික් නිසා සිදුවන පරිසර දූෂණය අවම කිරීමේ අරමුණින් මෙය ක්‍රියාවට නංවයි.

පුත්තලමේ විවෘතවූ මෙම නව MRF මධ්‍යස්ථානය, පාරිභෝගිකයන් භාවිතා කර ඉවත දමන ලද ප්ලාස්ටික් වර්ග එක්රැස් කිරීම, තේරීම, කාණ්ඩවලට වෙන් කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය සඳහා පිරිසැකසුම් කිරීම සිදු කරන මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කරන අතර මෙය එම ප්ලාස්ටික් මඟින් පරිසරයට සිදුවන බලපෑම අවම කරන අතරම ශ්‍රී ලංකාවේ චක්‍රිය ආර්ථික ක්‍රමවේදයන් දිරිගන්වන පියවරක් වනු ඇත.

පුත්තලමේ විවෘත කළ මෙම අපද්‍රව්‍ය එක්රැස් කිරීමේ මධ්‍යස්ථානය, දීර්ඝ කාලීන යහපතක් වෙනුවෙන් තිරසර ක්‍රමවේදයන් සහ ස්ත්‍රී – පුරුෂ සවිබල ගැන්වීම් ක්‍රමවේදයන් ඒකාබද්ධ කිරීම සම්බන්ධ මනා උදාහරණයක් ලෙස හැඳින්වීමට හැකිවේ. මෙම මධ්‍යස්ථානය පරිසරයේ යහපත වෙනුවෙන් සුවිශාල දායකත්වයක් ලබාදෙනු ඇතැයි කියා අප විශ්වාස කරනවා. මෙය හුදෙක් අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයක් පමණක් නොවෙයි. මෙය කාන්තාවන් සවිබල ගැන්වීම, ප්‍රජාවන් ශක්තිමත් කිරීම, ජීවනෝපාය මාර්ග වැඩිදියුණු කිරීම සහ අපද්‍රව්‍ය කළමනාකරණ ක්ෂේත්‍රයේ අන්තර්කරණය මූලික කර ගත් වර්ධනය සහතික කිරීම යනාදිය සම්බන්ධ මනා පූර්වාදර්ශයක් ලෙස පෙන්විය හැකි යැයි INSEE Ecocycle Lanka සාමාන්‍යාධිකාරී සුජිත් ගුණවර්ධන මහතා පැවසීය.

මෙම ව්‍යාපෘතියේ තවත් විශේෂත්වයක් වන්නේ, ස්ත්‍රී පුරුෂ සමානත්වයට මුල්තැන දීම වන අතර MRF මධ්‍යස්ථානය මඟින් විශේෂයෙන්ම පුත්තලම ප්‍රදේශයේ කාන්තාවන්ට රැකියා අවස්ථා සහ ස්ථාවර ආදායම් මාර්ග හිමිවනු ඇත. මෙය ඔවුන්ට මෙන්ම ඔවුන් අයත් වන ප්‍රජාවන්ට ද සුවිශාල යහපතක් සිදුවන පියවරකි. කාන්තාවන් සවිබල ගන්වමින් ඔවුන්ට මූල්‍ය ස්වාධීනත්වය ළඟා කර ගැනීමට අත්වැලක් වීම තුළින් දරිද්‍රතාව අවම කර, ප්‍රදේශයේ පවුල්වල ජීවන තත්ත්වය උසස් කරවන අතරම, රටේ විවිධත්වය හා සමානත්වය ප්‍රවර්ධනය කිරීමට දායකවීම ව්‍යාපෘතියේ ප්‍රධානතම ඉලක්කයක් වී තිබේ.

මෙම මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට SACEP, UNOPS, INSEE Cement සහ INSEE Ecocycle නියෝජිතයෝ පිරිසක් සහභාගි වූහ.

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT