Home » O/L ප්‍රතිඵල එන දවස මෙන්න

O/L ප්‍රතිඵල එන දවස මෙන්න

by chanaka
September 25, 2024 10:40 am 0 comment

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ මෙවර විභාග ප්‍රතිඵල තවත් දින 5කින් ලබාදිය හැකි බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා කියයි.

ජනපතිවරණය නොපැවත්වුණේ නම් මේ වන විටත් එහි ප්‍රතිඵල ලබාදීමට හැකියාව තිබූ බවත්, ඡන්ද විමසීම නිසා සිය නිලධාරීන් වැඩි පිරිසක් ඡන්ද රාජකාරිවල යෙදීම නිසා ප්‍රතිඵල පමා වූ බවද ඒ මහතා පැවසීය.

ප්‍රතිඵල නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සූදානම් කරමින් සිටින බව ඔහු කියා සිටියේය.

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,527කදී පැවැත්වූ අතර, ඒ සඳහා අයැදුම්කරුවන් 452,979 දෙනෙකු සුදුසුකම් ලබා තිබුණි.

ඊට පාසල් අයැදුම්කරුවන් 387,648ක් සහ පෞද්ගලික අයැදුම්කරුවන් 65,331 දෙනෙකු ඇතුළත්ය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT