Home » ඉදිකිරීම් අංශයේ රැකියා රැසක් ශ්‍රී ලංකාවට

ඉදිකිරීම් අංශයේ රැකියා රැසක් ශ්‍රී ලංකාවට

by chanaka
September 25, 2024 3:27 pm 0 comment

ඉදිකිරීම් අංශයේ රැකියා රැසක් මේ වන විට ශ්‍රි ලංකාවට, ඊශ්‍රායල් රජය මගින් ලබාදීමට කටයුතු කර ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

ඊශ්‍රායලයේ ඉදිකිරීම් අංශයේ නව ප්‍රවණතාවයක් සමග එම රැකියා අවස්ථා ශ්‍රී ලංකාවට ලබාදීමට එකගතාවය පළකර තිබේ.

ඒ අනුව, කම්බි නවන්නන්, ටයිල් මේසන්වරු, කපරාදු මේසන්වරු හා ෂටරින් වඩු කාර්මිකයින් යන ක්ෂේත්‍රවල රැකියා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලැබී තිබේ. වයස අවුරුදු 25-44 ත් අතර, ඉහත සඳහන් ක්ෂේත්‍රවල මනා පළපුරුද්දක් හා දක්ෂතාවයක් සහිත ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ට මේ සඳහා ඉල්ලුම් කළ හැකිය.

මෙම බඳවාගැනීම් සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල වෙබ් අඩවිය වන www.slbfe.lk වෙබ් අඩවියේ සඳහන් අයදුම්පත පමණක් පිරවිය යුතුය. මෙම බඳවාගැනීම සඳහා කාර්යාංශය විසින් කිසිදු ආයතනයකට හෝ පුද්ගලයෙකුට අවසර ලබාදී නැති අතර, ඒ සඳහා කිසිම විටෙක මුදල් ගෙවීමක් සිදු නොකරන ලෙසද කාර්යාංශය ඉල්ලා සිටීයි.

එලෙස මුදල් ඉල්ලා සිටින පුද්ගලයින් පිළිබඳව කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ 0112864241 අංකයට දැනුම් දෙන ලෙසද කාර්යාංශය මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT