Home » මැතිවරණ කොමිසම ජනපති අපේක්ෂකයන්ගෙන් වියදම් ලැයිස්තුව ඉල්ලයි

මැතිවරණ කොමිසම ජනපති අපේක්ෂකයන්ගෙන් වියදම් ලැයිස්තුව ඉල්ලයි

by chanaka
September 25, 2024 11:11 am 0 comment

ජනාධිපතිවරණයට පෙනී සිටි අපේක්ෂකයන් සියල්ල සිය මැතිවරණ ප්‍රචාරක වියදම් ලැයිස්තුව ලබන මස 13 වැනිදාට පෙර මැතිවරණ කොමිෂන් සභාවට අනිවාර්යයෙන්ම බාරදිය යුතු බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවැසීය.

ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ ප්‍රතිඵල නිකුත් කර දින 21 ක කාලයක් තුළදී අදාළ වාර්තාව කොමිසමට බාරදිය යුතු බව අපේක්ෂකයන් 38 දෙනාට දැනුම්දී ඇතැයි ද ඔහු කීවේය.

මැතිවරණ කොමිසමට එම වාර්තා ලබාදුන් පසුව ඒවා මහජනතාවට ප්‍රදර්ශනය කෙරෙන බවත්, එම වියදම් වාර්තා අසත්‍ය නම් ඕනෑම අයකුට තහවුරු කළ හැකි ලේඛණ සහිතව පොලිසියට පැමිණිල්ලක් ගොනුකළ හැකි බවත් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂකයකු විසින් එක් ඡන්දදායකයකු වෙනුවෙන් වැය කළ හැකි මුදල රුපියල් 109 ක් බවට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබුණි.

ඒ අනුව, එක්කෝටි හැත්තෑ එක් ලක්ෂ හතලිස් දහස් තුන්සිය පනස් හතරක් වන (17,140,354) ඡන්දදායකයන් වෙනුවෙන් එක් අපේක්ෂකයකුට ප්‍රචාරක වියදම් සඳහා වැය කළ හැකි උපරිම සීමාව රුපියල් කෝටි 186 කි.

එම මුදලින් සියයට 60 ක් එනම් රුපියල් කෝටි 112 ක් අපේක්ෂකයාට ප්‍රචාරක වියදම් ලෙස වියදම් කළ හැකි අතර, පිළිගත් දේශපාලන පක්ෂයකට ප්‍රචාරක වියදම් ලෙස වැය කළ හැකි මුදල සියයට 40 කි. එනම් රුපියල් කෝටි 74 කි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT