Sunday, May 11, 2025
Home » ඊගල්ස් මෝන්සූන් කුසලාන වාර්ෂික ගොල්ෆ් තරගාවලිය 28වැනිදා

ඊගල්ස් මෝන්සූන් කුසලාන වාර්ෂික ගොල්ෆ් තරගාවලිය 28වැනිදා

by chanaka
September 25, 2024 4:19 pm 0 comment

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ඊගල්ස් ගෝල්ෆ් ලින්ක් සහ “HUAWEI Technologies” පුද්ගලික සමාගමේ ප‍්‍රධාන අනුග‍්‍රහක දායක ශක්තිය ඇතිව තෙවන වරටත් සංවිධාන කරනු ලබන මෝන්සූන් කුසලාන කාන්තා සහ පිරිමි ගොල්ෆ් තරඟාවලිය, 2024 සැප්තැම්බර් මස 28 සහ 29 වැනිදා පැවැත්වේ.

ඒ ත‍්‍රිකුණාමලය වරායට සමීප සුන්දර චීනවරාය ගුවන් හමුදා ඊගල්ස් ගෝල්ෆ් ලින්ක් හිදී ය.

මෙම තරගාවලිය සදහා ලියාපදිංචි කිරීම ආරම්භ කල දින සිට මේ දක්වා දිවයිනේ සෑම ප‍්‍රදේශයක්ම නියෝජනය කරමින් 2024 සැප්තැමිබර් මස 25 වන දින දක්වා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 60 දෙනෙකුට අධික පිරිසක් සිය ලියාපදිංචිය තහවුරු කරගෙන ඇත. ඊගල්ස් මෝන්සූන් ආරක්ෂක අභියෝගතා කුසලානය වෙනුවන් තරගවැදිම සදහා ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් තරඟකරුවන් රැසක් ද මෙම තරගාවලිය සදහා සහභාගිවිමට නියමිතව ඇත.

මෙම තරගාවලියේ ජයග‍්‍රාහක ජයග‍්‍රාහිකාවන් සදහා කුසලාන හා ත්‍යාග පිරිනැමිමේ උත්සවය 2024 ඔක්තෝම්බර් මස 29 වැනිදා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ගුවන් හමුදා ඊගල්ස් ගෝල්ෆ් ලින්ක් හි පැවැත්වීමට නියමිතව ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT