Home » ගාසා සහ ලෙබනන ගැටුම්වලින් ඇමරිකා‍වේ බලාපොරොත්තුව ගැන ඉරාන ආධ්‍යාත්මික නායකයා කියයි

ගාසා සහ ලෙබනන ගැටුම්වලින් ඇමරිකා‍වේ බලාපොරොත්තුව ගැන ඉරාන ආධ්‍යාත්මික නායකයා කියයි

by chanaka
September 26, 2024 12:57 pm 0 comment

ගාසා සහ ලෙබනන ගැටුම්වලින් ඊශ්‍රායලය ජයගනු දැකීම ඇමරිකා‍වේ බලාපොරොත්තුව වී ඇතැයි ඉරාන ආධ්‍යාත්මික නායක අලි කමෙනි පවසයි.එම ජයග්‍රහණය වෙනුවෙන් ඇමරිකාව ආයෝජනය කර ඇතැයි ද හෙතෙම කියා සිටී.

යුධ විශ්‍රාමිකයන් සහ මහජන ක්‍රියාකාරීන් පිරිසක් සමග ඊයේ(25) පැවති හමුවකදී ඉරාන ආධ්‍යාත්මික නායකයා මේ බව සඳහන් කර ඇත.

ඔහු එහිදී වැඩිදුරට‍ත් පෙන්වා දී ඇත්තේ වත්මන් ගැටුම් පිටුපස ඇමරිකාව සිටින බවයි. මෙම ගැටුම් සම්බන්ධයෙන් දැනුවත් නොමැති බවත් ඊට සම්බන්ධයත් නොමැති බවත් ඇමරිකාව ප්‍රකාශ කර ඇති නමුත් එය සත්‍යය නොවන අතර ඔවුන් ඒ සියල්ලට සම්බන්ධ අතර ඊශ්‍රායලයේ ජයග්‍රහණය අපේක්ෂාව වී ඇතැයි ද අලි කමෙනි කියා සිටී.

කලාපයේ ගැටුම් උත්සන්න වෙමින් පවතින අවස්ථාවක මෙම ප්‍රකාශ සිදුව ඇති අතර ඉරානය හමාස් හා හිස්බුල්ලා සංවිධාන වල සමීප හවුල්කරුවෙකු ද වෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT