Home » ගොවි පොහොර සහනාධාරය රු. 25,000 දක්වා ඉහළට

ගොවි පොහොර සහනාධාරය රු. 25,000 දක්වා ඉහළට

ඔක්: 1 දා සිට ධීවරයන්ටත් ඉන්ධන සහනාධාරයක්

by mahesh
September 27, 2024 1:00 am 0 comment

උපාලි කරුණාරත්න

මුදල් කෙළින්ම බැංකු ගිණුම්වලට

ගොවි ජනතාවට හෙක්ටයාරයකට රුපියල් 15,000ක් ලෙස මෙතෙක් ගෙවනු ලැබූ පොහොර සහනාධාරය 2024/25 මහ කන්නයේදී රුපියල් 25,000ක් දක්වා වැඩි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය කර තිබේ.

ධීවර ප්‍රජාව වෙනුවෙන් බහුදින හා එක්දින යාත්‍රා සඳහා මාසික පදනමින් ඉන්ධන සහනාධාරයක් ලබාදීමට ද තීරණය කර තිබෙන අතර මෙම සහනාධාරය ඔක්තෝබර් 1 වැනිදා සිට ක්‍රියාත්මක කරන ලෙස මහා භාණ්ඩාගාරයට ජනාධිපතිවරයා විසින් උපදෙස් දී තිබේ.

කාර්යක්ෂම හා ඵලදායී ලෙස එම සහනාධාරය ගොවීන්ට හා ධීවර ජනතාවට ලබාදීම සඳහා අදාළ මුදල් ඍජුවම ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත ප්‍රේෂණය කිරීමට කටයුතු කෙරේ.

නිවැරදි කෘෂි යෙදවුම් කළමනාකරණයක් අරමුණු කර ගනිමින් සාධාරණ මිලට පොහොර ඇතුළු කෘෂි යෙදවුම් ලබා දීම සහ යහපත් කෘෂිකාර්මික පිළිවෙත්වලට අනුව රසායනික හා කාබනික පොහොර ඇතුළු කෘෂි යෙදවුම් සඳහා සහනාධාර ලබා දීම පිළිබඳ නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර තිබෙන අතර ඒ අනුව මෙම පියවර ගෙන ඇත.

අඩාළ වී ඇති ධීවර කර්මාන්තය නඟාසිටුවා නිෂ්පාදන පිරිවැය අඩු කිරීම සඳහා ධීවර ජනතාව වෙත ඉන්ධන සහනාධාරය ලබා දෙනු ඇත.

ධීවර කර්මාන්තය තිරසාර හා පරිසර හිතකාමී ලෙස සංවර්ධනය හා කළමනාකරණය කිරීමටත් ඒ තුළින් මත්ස්‍ය නිෂ්පාදනය සුලභ කිරීම හා පාරිභෝගිකයාට සාධාරණ මිලකට ලබාගත හැකි තත්ත්වයකට පත් කිරීමත් කර්මාන්තයේ නියැළෙන්නන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමත් පිළිබඳ නව රජයේ ප්‍රතිත්ති ප්‍රකාශනයේ සඳහන් කර තිබේ. ඒ අනුව දැනට දැඩි පසුබෑමකට ලක් වී ඇති සමුද්‍රීය ධීවර කටයුතු යථාවත් කිරීම සඳහා මූල්‍ය හා තාක්ෂණික සහාය ලබා දීමට කටයුතු කරනු ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT