Home » IMF පාකිස්තානයට ඩොලර් බිලියන 7ක ණයක් අනුමතයි

IMF පාකිස්තානයට ඩොලර් බිලියන 7ක ණයක් අනුමතයි

by mahesh
September 27, 2024 1:00 am 0 comment

දැඩි ආර්ථික අර්බුදයකට මැදිවී සිටින පාකිස්තානයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අමෙරිකානු ඩොලර් බිලියන 7ක ණය මුදලක් අනුමත කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම ණය මුදලේ පළමු වාරිකය වශයෙන් ඩොලර් බිලියනයක් ඉතා ඉක්මනින් ලබාදීමටත්, ඉතිරි මුදල වසර 3ක් ඇතුළත වාරික වශයෙන් ලබාදීමටත් තීරණය වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. වසර 1958 සිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අවස්ථා 20කට වඩා ණය මුදල් ලබා ඇති පාකිස්තානය මේ වනවිට එහි පස්වැනි විශාලතම ණයකරුවා බවට ද පත්වී සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට සහ ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීමට නව වැඩසටහන තුළ ප්‍රතිපත්තිමය හා ප්‍රතිසංස්කරණ අවශ්‍ය වන බව ණය මුදල අනුමත කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර ඇත. ණය මුදල අනුමත වීම පිළිබඳ අගමැති ශෙබාස් ෂරිෆ් සිය ස්තූතිය පුද කරමින් එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් පාකිස්තානය ණය ලබා ගන්නා අවසන් අවස්ථාව වනු ඇතැයි ද ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ණය කොන්දේසිවලට අනුව ජනප්‍රිය නොවන තීන්දු තීරණ රැසක් ගැනීමට පාකිස්තානයට සිදුවන බවත්, ඉදිරියේදී ජනතාවගෙන් හා ව්‍යාපාරවලින් අය කරන බදු ප්‍රමාණය ඉහළ දැමීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පාකිස්තාන රජය එකඟතාවකට පැමිණ ඇතැයි වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT