41
කිතුල්වල නයිංගල ශ්‍රී නාග මහා විහාරස්ථානයේ වැඩ සිටි මාතර ශාසනතිලක හිමියෝ අපවත් වූහ. අපවත් වන විට උන්වහන්සේ 70වැනි වියෙහි පසු විය.
උන්වහන්සේගේ දේහය නාග මහා විහාරස්ථානයේ තැන්පත් කර ඇති අතර, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පරියත්ති ලේඛකාධිකාරී හාපිගම ජයසුමනාරාම විහාරය ඇතුළු විහාර ගණයේ අනුශාසක පණ්ඩිත මක්කානිගොඩ අස්සජි නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් අද (27) කොටදෙනියාවේදී ආදාහන කටයුතු සිදු කෙරේ.