45
ජාත්‍යන්තර රෝගී සුරක්ෂිත දිනය වෙනුවෙන් පැවැත්වුණු තරගයකින් රෝගීන් සඳහා සුවිශේෂ රෝගී සත්කාර සේවා කළ රෝහල් 140 කින් දෙවැනි ස්ථානය දිනා රිදී සම්මානය හිමි කර ගැනීමට කොළඹ කාසල් කාන්තා රෝහල සමත්විය.
සෞඛ්‍ය අමාත්‍යාංශය ගුණාත්මක කාර්යාංශය සමග එක්ව පවත්වනු ලැබූ මෙම තරඟයෙන් එම රෝහල විශිෂ්ට සේවා සඳහා තවත් සහතික දෙකක් හිමි කර ගැනීමද විශේෂත්වයකි.