වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් නාඋල – මීගහඇළ සොබා රක්ෂිතයේ පෙරේදා (25) රාත්‍රියේ ඇති වූ ගින්නෙන් පරිසරයට මෙන්ම එම පද්ධතියේ ජීවින් රැසකට හානි සිදුව ඇතැයි ගම්වාසීහු පවසති.
සොබා රක්ෂිතයේ කොටසක ටර්පන්ටයින් ශාක වගා කර ඇති අතර එම ප්‍රදේශයේ ගින්න තදින් පැතිර පැවතිනි.
පෙරේදා (25) උදෑසන කාලය දක්වා ගින්න පැතිර පැවති අතර එය දෙකේ කණුව හා තුනේ කණුව ආදී ප්‍රදේශවල කිලෝ මීටර් තුනක් දක්වා ගින්න පැතිර ගොස් තිබිණි.
අධික වියළි කාලගුණික තත්ත්වය හා සුළං තත්ත්වයත් සමඟ ගින්න වේගයෙන් පැතිර ගිය බවත් රක්ෂිත ප්‍රදේශයේ ජීවත් වන කුඩා කෘමි සතුන් හා පක්ෂීන් රැසක් ගින්න හේතුවෙන් විනාශ වන්නට ඇතැයි අවට ගම්වාසීහු පවසති. මෙම ගින්න පැතිරීම ඊයේ (26) සවස් වන විට අඩුවී තිබිණි.