දිවයින පුරා සංවර්ධනයේ නව උදාවත් සමඟ දිවයින වටේ පාගමන් ඇරඹූ තරුණයකු ඊයේ (26) අපට මුණ ගැසුණේ උඩුබද්දාව නගරයට සමීපයෙනි. පොල්ගහවෙල කර්මාන්ත පුර හන්දියේ පදිංචි සත්‍ය සීලන් මෙසේ දිවයින වටේ පා ගමන් ඇරඹූ තරුණයා වේ.
තරුණ තරුණියන් තිදෙනෙකු සිටින පවුලේ වැඩිමහල් අය 40 හැවිරිදි මොහු බව සීලන් කීය. මොහු දෛනිකව කෙටි කෑම අලෙවි කිරීමේ නිරත අයෙකි. කිලෝ මීටර් 2000ක් ලංකාව වටේ පාගමනින් යන මොහුගේ එකම අරමුණ රටේ ජනතාව අතර සමාදානයත්, සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් පවත්වාගෙන යෑම පිළිබඳව අන් අයට ආදර්ශයක් පෙන්වීමත් බව මේ ගමන පිළිබඳව අදහස් දක්වමින් සීලන් කීය.
මොහුට සහායට සීලන්ගේ ඥාති සොහොයුරන් දෙදෙනෙකුද එක්ව සිටින අතර, පොල්ගහවෙල පදිංචි පී. ක්‍රිෂාන් පුෂ්පකුමාර හා කෑගල්ල ගලිගමුව පදිංචි කේ. මුත්තුකුමාර් මේ සොහොයුරන් දෙදෙනාය. දිවයින වටේ පා ගමන් අරඹා ඇති මෙම තිදෙනාට ආහාර පාන නවාතැන් පහසුකම් සපයා දෙන මෙන් ඔවුන් ජනතාවගෙන් කාරුණික ඉල්ලීමක් කරයි.