Home » අම්පාරේ විශ්‍රාමික පොලිස් නිලධාරියාගේ ගෙට පැන රත්‍ර‍න් උස්සලා

අම්පාරේ විශ්‍රාමික පොලිස් නිලධාරියාගේ ගෙට පැන රත්‍ර‍න් උස්සලා

by mahesh
September 27, 2024 1:00 am 0 comment

දිගාමඬුල්ල විශේෂ - වසන්ත චන්ද්‍රපාල

විශ්‍රාම පොලිස් නිලධාරියකුගේ නි‍ෙවසක් බිඳ රන් භාණ්ඩ සොරාගත් සැකකරුවන් දෙදෙනකු සොරබඩු සමඟ අත්අඩංගුවට ගැනීමට අම්පාර මූලස්ථාන පොලිසිය සමත් වී ඇත. අම්පාර නවගම්පුර ගම්මානයේ ඉකුත් 21 වැනිදින මැතිවරණය දා මෙම සොරකම සිදුව තිබිණි. අම්පාර නවගම්පුර ගම්මානයේ විශ්‍රාම ගිය පොලිස් නිලධාරියෙකු තම පවුලේ අය සමඟ ගාල්ල ප්‍රදේශයට ගොස් නැවත නි‍ෙවසට පැමිණි අවස්ථාවේදී තම නි‍ෙවස සොරු බිඳ ඇති බවට දැක ඇත. එහිදී නි‍ෙවසේ අල්මාරියක තිබූ රුපියල් ලක්ෂ නවයකට ආසන්න වටිනාකමකින් යුත් රන් භාණ්ඩ අස්ථානගතවී ඇති බවට දැක ඇති ගෙහිමි පොලිස් නිලධාරියා මේ බව පොලිසියට පැමිණිලි කර ඇත. මෙම සොරකමට සම්බන්ධ වී ඇත්තේ අම්පාර නවගම්පුර, සාමපුර සහ උදයපුර ප්‍රදේශයේ තරුණයින් තිදෙනෙකි. මෙම සැකකරුවන් අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අම්පාර මහේස්ත්‍රාත් නයෝමි වික්‍රමසිංහ මහත්මිය විසින් සැකකරුවන් ඔක්තෝම්බර් මස 10 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත. අම්පාර කොට්ඨාස භාර පොලිස් අධිකාරි එන්. ජයපත්ම මහතාගේ උපදෙස් පරිදි අම්පාර කොට්ඨාස 1 භාර සහකාර පොලිස් අධිකාරි හේමන්ත සෙනෙවිරත්න මහතා ගේ අධික්ෂණය යටතේ අම්පාර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක අසේල කේ. හේරත් මහතාගේ මෙ‍ෙහයවීමෙන් අම්පාර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක උපුල් කුමාරගේ, පො.සැ. (18246) මධුශංඛ, පො.සැ. සඳරුවන් පො.කො. (84723) සංජය, පො.කො.රි. (80645) ආසිරි යන නිලධාරින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT