Home » කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට සහකාර අධ්‍යක්ෂවරු 142ක්

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට සහකාර අධ්‍යක්ෂවරු 142ක්

by mahesh
September 27, 2024 1:00 am 0 comment

බුද්ධිකා ඉඹුලාන

ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ විවෘත තරග විභාගයේ ප්‍රතිඵල අනුව ඉහළම සුදුසුකම් ලද 142 දෙනකුට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ තනතුරු සඳහා පත්වීම් ප්‍රදානය පෙරේදා (25) සෙත්සිරිපාය දෙවැනි අදියරේ නාගරික සංවර්ධන අධිකාරි ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

නවක නිලධාරීන් සඳහා පත්වීම් ප්‍රදානය කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශ ලේකම් එම්.පී.එන්.එම්. වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු අතර, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කමනි රණතුංග මහත්මිය සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් ඇතුළු රජයේ නිලධාරීහු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT