Home » බණ්ඩාරනායක සමාධියේ ගුණ සමරු පින්කමින්…

බණ්ඩාරනායක සමාධියේ ගුණ සමරු පින්කමින්…

by mahesh
September 27, 2024 1:00 am 0 comment

කොටදෙණියාව සමූහ - එම්. පුෂ්පකුමාර අත්තනගල්ල සමූහ - උපාලි විජිතකුමාර

දිවංගත අගමැති එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ 65 වැනි ගුණසමරුව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ සු⁣නේත්‍රා බණ්ඩාරනායක මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අබියසදී ඊයේ (26) පෙරවරුවේ පවත්වනු ලැබීය.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක මකුලෑවේ විමල මහනාහිමි, සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි අනුනාහිමි, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වේඬරුවේ උපාලි අනුනාහිමි, සබරගමු විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය කුඹුරුගමුවේ වජිර නාහිමි, අත්තනගල්ල රාජමහා විහාරාධිපති පන්නිල ආනන්ද නාහිමි, හිටපු කථානායක කරු ජයසූරිය, හිටපු අමාත්‍යවරුන් වන ජී.එල්. පීරිස්, නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත්, ජගත් පුෂ්පකුමාර, ෆයිසර් මුස්තාපා මහත්වරුන් සමඟ ප්‍රදේශයේ මහජන නියෝජිතයෝ සහ ජනතාව විශාල පිරිසක්ද මේ අවස්ථාවට සහභාගි වූහ.

හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ 24 වැනි ගුණසමරුව හා හිටපු කථානායක අනුර බණ්ඩාරනායක මහතාගේ 16 වැනි ගුණ සමරුවද මීට සමගාමිව පැවැත්වුණු අතර, හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග, සු⁣නේත්‍රා බණ්ඩාරනායක මහත්මීන් මල් කලඹ තබා සිය පියාණන්ට ගෞරව දැක්වූ අවස්ථාව සේයාරුවේ දැක්වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT