Home » ශ්‍රී ලංකාවේ අර්බුදයේදී කාටත් පෙර ඉන්දියාව සහාය දුන්නා
අසල්වැසි රටවල දේශපාලනයට අත දාන්නේ නෑ

ශ්‍රී ලංකාවේ අර්බුදයේදී කාටත් පෙර ඉන්දියාව සහාය දුන්නා

ඉන්දීය විදේශ කටයුතු ඇමැති ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර්

by mahesh
September 27, 2024 1:00 am 0 comment

මහින්ද අලුත්ගෙදර

ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් අර්බුදයකට මුහුණදුන් අවස්ථාවේ රට ස්ථාවර මට්ටමකට ගෙනඒම සඳහා දේශපාලන වශයෙන් කිසිදු කොන්දේසියක් නැතිව සහාය ලබාදුන් බව ඉන්දියාව අවධාරණය කරයි.

ඉන්දියාවේ සමීපතම අසල්වැසියා ලෙස ශ්‍රී ලංකාවට හැකි සෑම සහයෝගයක්ම ලබාදෙන බව ද අර්බුද අවස්ථාවේ අන් කවරකුට පෙර ශ්‍රී ලංකාවට සහාය ලබාදීම සඳහා ඉන්දියාව ඉදිරිපත් වූ බව ද ඉන්දීය විදේශ කටයුතු ඇමැති ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර් මහතා ප්‍රකාශ කරයි.

අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවරදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ 79 වැනි මහා මණ්ඩල සැසිවාරයට සහභාගි වූ අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඉන්දීය විදේශ කටයුතු ඇමැතිවරයා මේ බව සඳහන් කර තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර් මහතා පෙන්වාදී තිබෙන්නේ පසුගිය ආර්ථික අර්බුද අවස්ථාවේ කාලානුරූපීය ශ්‍රී ලංකාවට සහාය ලබාදුන් බවත් එම සහයෝගය හේතුවෙන් ආර්ථික වශයෙන් ස්ථාවර මට්ටමකට ඒමට හැකියාව ලැබුණු බවත්ය. ඉන්දියාව අසල්වාසී රටවල දේශපාලන පියවරයන් පාලනය කිරීම සඳහා කිසිදු උත්සාහයක් නොකරන බව පෙන්වාදී තිබෙන ඉන්දීය විදේශ ඇමැතිවරයා අසල්වැසි රටවල් තුළ ඇති දේශපාලන ගතිකත්වය ඉන්දියාවට අවශ්‍ය යැයි සිතිය හැකිදේට අනුගතවනු ඇතැයි අපේක්ෂා නොකරන බව ද පෙන්වා දී ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT