76
ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා පත්කර තිබේ.
ආචාර්ය සියඹලාපිටිය මහතා ශ්‍රී ලංකාවේ, දකුණු සහ අග්නිදිග ආසියාවේ, මැද පෙරදිග සහ නැඟෙනහිර අප්‍රිකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ වසර 40ක පළපුරුද්දක් සහිත අයකු වන අතර ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන ඉංජිනේරු – ජනන සැලසුම් මෙන්ම තවත් තනතුරු කිහිපයක් හොබවා ඇත.
පසුගිය 2004 වසරේ සිට 2008 දක්වා ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා ජාතික බලශක්ති ප්‍රතිපත්ති කමිටුව ද නියෝජනය කර තිබේ.
නව සභාපතිවරයා ඊයේ (26) පස්වරු එම ධුරයේ රාජකාරි කටයුතු නිල වශයෙන් ආරම්භ කර ඇත.