නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ හෙද නිලධාරියකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් සංජීව මහතා නාවලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරුට තරයේ අවවාද කළ මහේස්ත්‍රාත් රසාංජි රත්නායක මෙණෙවිය සැකකරු රුපියල් ලක්ෂ 2ක ශරීර ඇප මත මුදාහැරීමට නියෝග කළාය.
ජාතික ජන බලවේගයට සහාය දක්වන මෙම හෙදි නිලධාරියකුට ඉකුත්දා (21) සැකකරු විසින් පහර දුන් බවට නාවලපිටිය පොලිසියට ලද පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
පැමිණිලිකරු විසින් ද සැකකරුට බැණ තර්ජනය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරු නාවලපිටිය පොලිසිය වෙත කර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් ද විමර්ශනයක් සිදු කර අධිකරණය හමුවේ කරුණු වාර්තා කරන ලෙසට නියෝග කළ බව නාවලපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හරෙන්ද්‍ර කළුගම්පිටිය මහතා පැවසීය.
මෙම නඩුව ලබන මස 28 වැනි දින යළි කැඳවීමට නියෝග කළාය.