Home » දිලුම් දිලිත්ට එක්වේ

දිලුම් දිලිත්ට එක්වේ

by mahesh
September 27, 2024 1:00 am 0 comment

නුවන් කොඩිකාර

ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කළ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමේ සිටි හිටපු රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම මහතා දිලිත් ජයවීර මහතාගේ මව්බිම ජනතා පක්ෂයේ ජාතික සංවිධායක ලෙස පත් කර තිබේ.

මව්බිම ජනතා පක්ෂ කාර්යාලයේදී එම පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා අතින් දිලුම් අමුණුගම මහතා ඊට අදාළ පත්වීම් ලිපිය ලබා ගත්තේය.

මව්බිම ජනතා පක්ෂයේ වැදගත් සංධිස්ථානයක් බවට අද දිනය පත්වූ බව මව්බිම ජනතා පක්ෂයේ නායක, ව්‍යවසායක දිලිත් ජයවීර මහතා මෙහිදී පැවසීය.

අවසන් වරට පැවති මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි දිලුම් අමුණුගම මහතා පසුගිය ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT