Home » ගලේවෙල ඉඟුරුවලට මුල් කුණුවීමේ රෝගයක්

ගලේවෙල ඉඟුරුවලට මුල් කුණුවීමේ රෝගයක්

by mahesh
September 27, 2024 1:00 am 0 comment

ගලේවෙල මධ්‍යම සමූහ පී.ජී. ගුණතිලක
එස්.ඒ. රත්න­පාල මහතා ඉඟුරු මුල් කුණු වී ඇති ආකා­රය පෙන්වන අයුරු.

ගලේවෙල ප්‍රදේශයේ ඉඟුරු වගාවට මුල් කුණුවීමේ දිලීර රෝගයක් වැලඳීම නිසා බලාපොරොත්තු වූ අස්වැන්න ලබා ගැනීමට නොහැකිවී ඇති බව ගොවීහු පවසති. මෙම රෝගයේ විශේෂත්වය නම් වැඩුණු ඉඟුරු පැළවල මුල් කුණුවී පසුව මුළුමනින්ම එම පැළ වියළී ගොස් මැරී යාමයි. ගලේවෙල, පට්ටිවෙල පදිංචි මහා පරිමාණයෙන් ඉඟුරු වගාකරන ගොවියකු වූ එස්.ඒ. රත්නපාල මහතා මේ සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වීය.

මම මේ වසරේ මාර්තු මාසයේ ඉඟුරු අක්කර 06ක් පමණ වගා කළා. ඉන් අක්කර 04ක පමණ ඉඟුරු වගාවේ මුල් කුණු වී දිලීර රෝගයකට ගොදුරු වී විනාශ වුණා. එම රෝගය වැලඳීම නිසා ඉඟුරු කිලෝ 10,000ත් 15,000ත් අතර අස්වැන්නක් අහිමි වුණා. මෙම රෝගය පිළිබඳව කෘෂි නිලධාරීන්ගෙන් උපදෙස් ගත්තත් අදාළ දිලීර රෝගය පැතිර යාම වැළැක්වීමට නොහැකි වුණා. මේ දිනවල ඉඟුරු කිලෝව රුපියල් 1,000ක් වනවා, යැයි ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT