රන් ආලේප කර ව්‍යාජ ලෙස සකස් කරන ලද ස්වර්ණාභරණ උකසට තබා මුදල් ලබා ගත් කාන්තාවක් හැටන් පොලිසිය විසින් පසුගියදා (24) අත්අඩංගුවට ගෙන හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත පෙරේදා (25) දින ඉදිරිපත් කළ අවස්ථාවේ ලබන මස 9 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හැටන් මහේස්ත්‍රාත් එම්. ෆරුක්ඩින් මහතා නියෝග කළේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ වටවල පොලිස් වසමට අයත් වැලිඔය වත්තේ පදිංචි 48 හැවිරිදි තිදරු මවකි. කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතව සිටින සැකකාර කාන්තාව රන් ආලේපිතව ව්‍යාජ ලෙස සකස් කරන ලද කුඩා මුදු, පංචායුධ, කරාබු හැටන් ඇතුළු වතු ආශ්‍රිත ප්‍රධාන නගරවල පිහිටි උකස් මධ්‍යස්ථාන, රාජ්‍ය සහ පෞද්ගලික බැංකු වෙත රැගෙන ගොස් උකස් කර මුදල් ලබා ගැනීමේ ජාවාරමක් කාලයක් තිස්සේ සිදු කර ඇත.
උකස් ගන්නා රන් ආභරණ පරීක්ෂා කරන යන්ත්‍රවලට පවා හසු නොවන ආකාරයට මෙම ව්‍යාජ ස්වර්ණාභරණ සකස් කර ඇති බවත්, එම කාන්තාව පසුගියදා 24 දින එසේ සකස් කරන ලද ව්‍යාජ මුදු කිහිපයක් හැටන් නගරයේ පෞද්ගලික උකස් මධ්‍යස්ථානයකට උකස් කිරීමට පැමිණි අවස්ථාවේ ඒ පිළිබඳව සැක සිතූ එම උකස් මධ්‍යස්ථානයේ හිමිකරු හැටන් පොලිසියේ අපරාධ විමර්ශන අංශයට කළ දැනුම් දීමක් මත හැටන් පොලිසියේ නිලධාරීන් සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී ඇය සන්තකයේ රන් ආලේප කර ව්‍යාජ ලෙස සකස් කරන ලද මුදු කිහිපයක් තිබී සොයාගෙන ඇති බවත් අනාවරණය විය.
කාලයක් තිස්සේ එම සැකකාර කාන්තාව මෙම ජාවාරම ජයටම සිදු කරගෙන ගොස් ඇති බවත්, ඒ පිළිබඳව මේ වන විට හැටන් පොලිසියට පැමිණිලි කිහිපයක් ලැබී ඇති බවත් පොලිසිය කියා සිටියේය.