වෙළෙඳ සේවා මලල ක්‍රීඩා සම්මේලනය සංවිධාන කළ 39 වැනි වෙළෙඳ සේවා මලල ක්‍රීඩා තරගාවලියේදී විශිෂ්ට දස්කම් දක්වමින් ජයග්‍රහණ රැසක් හිමිකර ගැනීමට සෙලාන් බැංකු ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.
කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවති තරගාවලියේදී 30 දෙනකුගෙන් සමන්විතව සහභාගිවූ සෙලාන් බැංකු පිල රන් පදක්කම් 10ක්, රිදී පදක්කම් 8ක් සහ ලෝකඩ පදක්කම් 5ක් දිනාගත් අතර, ඔවුන්ට බැංකු අතර දෙවැනි ස්ථානය හිමි විය.
සමස්ත තරගාවලියේ විශිෂ්ටතම මලල ක්‍රීඩකයා/ ක්‍රීඩිකාව මෙන්ම කාන්තා අංශයේ ශිෂ්ටතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගැනීමට සාරංගි සිල්වා සමත් වූ අතර, අවුරුදු 30ට වැඩි කාණ්ඩයේ විශිෂ්ටතම ක්‍රීඩිකාව බවට පත්වීමට කමලිනී මිල්ස් පත්වූවාය.
සාරංගි දුර පැනීම සහ තුන්පිම්ම රන් පදක්කම් දිනාගත් අතර, කමලිනී නව වාර්තාවක් ද සමඟින් උස පැනීමෙන් සහ හෙල්ල විසිකිරීමෙන් රන් පදක්කම් සහ මීටර් 200 රිදී පදක්කම දිනා ගත්තාය.
සෙලාන් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, අභ්‍යන්තර විගණන සහ සෙලාන් බැංකු ක්‍රීඩා සමාජයේ සභාපති වරුණ කොග්ගලගේ මහතා පැවසුවේ මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තම ආයතනයට ආඩම්බරයක් බවත්, මෙමඟින් ජයග්‍රාහි ආකල්ප නිරූපණය වන බවත් ඉදිරියේදී මෙවැනි ජයග්‍රහණ අත්කර ගැනීමට හැකිවනු ඇතැයි විශ්වාස කරන බවත්ය.