Home » ඊගල්ස් මොන්සූන් ගෝල්ෆ් ශූරතාවලිය හෙට චීන වරායේදී ඇරඹේ

ඊගල්ස් මොන්සූන් ගෝල්ෆ් ශූරතාවලිය හෙට චීන වරායේදී ඇරඹේ

by mahesh
September 27, 2024 1:00 am 0 comment

ශ්‍රී ලංකා ගුවන් හමුදා ඊගල්ස් ගෝල්ෆ් ලින්ක් තෙවැනි වරට සංවිධානය කරන ‘ඊගල්ස් මොන්සූන් කුසලාන ගෝල්ෆ්’ කාන්තා සහ පිරිමි තරගාවලිය හෙට (28) සහ අනිද්දා (29) ත්‍රිකුණාමලය චීන වරාය ගුවන් හමුදා ඊගල්ස් ගෝල්ෆ් ලින්ක්හිදී පැවැත්වේ.

හුවායි ටෙක්නොලොජීස් පෞද්ගලික සමාගමේ ප්‍රධාන අනුග්‍රහයෙන් පැවැත්වෙන මෙවර තරගාවලියට ඊයේ වන විට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 60 දෙනකුට අධික පිරිසක් සහභාගි වීමට නියමිත අතර, ඊගල්ස් මොන්සූන් ආරක්ෂක අභියෝගතා කුසලානය වෙනුවෙන් තරග වැදීමට ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් තරගකරුවන් විශාල පිරිසක් එක්ව සිටිති. ගුවන් හමුදාපති එයාර් මාෂල් උදේනි රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍යාග ප්‍රදානෝත්සවය 29 වැනිදා පැවැත්වීමට නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT