Home » සමගි ජන බල­වේ­ගයේ සමගි ජන සන්ධා­නයේ මුල් පුටු රැසක වෙනසක්

සමගි ජන බල­වේ­ගයේ සමගි ජන සන්ධා­නයේ මුල් පුටු රැසක වෙනසක්

by damith
September 28, 2024 1:17 am 0 comment

රක්ෂණ ශ්‍රියන්ත

සමගි ජන බල­වේ­ගයේ සහ සමගි ජන සන්ධා­නයේ මුල් පුටු රැසක් වෙනස් කිරී­මට පිය­වර ගෙන තිබේ.

ඒ අනුව සමගි ජන බල­වේ­ගයේ නව සභා­ප­ති­ව­රයා ලෙස හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී ඉම්ති­යාස් බාකීර් මාකාර් පත්කර ඇති අතර, සමගි ජන සන්ධා­නයේ මහ­ලේ­ක­ම්ව­රයා ලෙස හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී කබීර් හෂීම් පත්කි­රී­මට සමගි ජන බල­වේ­ගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා ඊයේ (27) කට­යුතු කරන ලදි.

2024 වර්ෂය සඳහා සමගි ජන බල­වේ­ගයේ සභා­පති ධුරය සඳහා හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී ඉම්ති­යාස් බාකීර් මාකාර් මහ­තාත්, 2024 වර්ෂය සඳහා සමගි ජන සන්ධා­නයේ මහ­ලේ­කම් ධුරය සඳහා හිටපු කෑගලු දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා මෙන් ම සමගි ජන බල­වේ­ගයේ ගම්පහ දිස්ත්‍රික් සභා­පති ධුරය සඳහා සමගි ජන බල­වේ­ගයේ හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී හර්ෂණ රාජ­ක­රුණා මහතා අභි­න­ව­යෙන් පත් කරන ලදි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT