Home » කුමාර වෙල්ගම අභාවප්‍රාප්ත වෙයි

කුමාර වෙල්ගම අභාවප්‍රාප්ත වෙයි

by chanaka
September 28, 2024 12:23 pm 0 comment

කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම හිටපු අමාත්‍යවරයෙකු වූ කුමාර වෙල්ගම මහතා අභාවප්‍රාප්ත වේ.

පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්ත වී ඇති අතර, මිය යනවිට ඔහු 74වැනි වියේ පසු විය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දීර්ඝ කාලීන සාමාජිකයෙකු වූ වෙල්ගම පසුව ඉන් ඉවත් වී නව ලංකා නිදහස් පක්ෂයේ නායකයා බවට පත්විය.

ඔහු 2020 මහ මැතිවරණයේදී සමගි ජන බලවේගය සමග එක්ව මැතිවරණයට ඉදිරිපත්ව පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා කර්මාන්ත සංවර්ධන අමාත්‍යවරයා මෙන්ම ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස ද කටයුතු කර තිබේ.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT