Home » බදු ගෙවන්නන්ට දැනුම්දීමක්

බදු ගෙවන්නන්ට දැනුම්දීමක්

by chanaka
September 28, 2024 4:49 pm 0 comment

2023 – 2024 තක්සේරු වර්ෂය සදහා සියලු ආදායම් බදු අනිද්දා හෝ ඊට පෙර ගෙවා අවසන් කළ යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, යම් තැනැත්තෙක් බදු නොගෙවීමට හෝ ගෙවීම් ප්‍රමාද කළහොත් දඩ හෝ පොලි අයකිරීමකට යටත් වන බවය.

එමෙන්ම හිග බදු පවතී නම් ඒ සියල්ල ලබන මස 30 වනදාට හෝ ඊට පෙර ගෙවා අවසන් කළ යුතු බවද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කලේය.

මේ අතර, ලබන පෙබරවාරි මාසයේ සිට සියලු වාහන ආයනය කිරීම සඳහා පසුගිය රජය ගත් තීරණය ක්‍රියාත්මක කිරීමට කිසිදු ගැටළුවක් මතු නොවන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවතින එකඟතාවන් නොවෙනස්ව ක්‍රියාත්මක කිරීම සුදුසු බව ද මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කලේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT