මෝටර් රථ ක්ෂේත්රයේ පුරෝගාමියෙකු මෙන්ම ශ්‍රී ලංකාවේ Mercedes-Benz සඳහා එකම බලයලත් බෙදාහරින්නා වන DIMO සුඛෝපභෝගී වාහන වෙළෙඳපළේ නව යුගයක් සනිටුහන් කරමින් Mercedes-Benz EQ විද්‍යුත් මෝටර් රථ පෙළ තුළින් තිරසර සුඛෝපභෝගී මෝටර් රථ අත්දැකීමක් තිළිණ කරයි. තිරසර ප්‍රවාහනය පිළිබඳ ප්‍රමුඛත්වය ගනිමින් Mercedes-Benz EQA 350 4MATIC, EQE 350 4MATIC SUV, EQS 450+ සහ Mercedes-AMG EQS 53 4MATIC වැනි වාහන මාදිලි මෙරට රථ වාහන ක්ෂේත්රයට හඳුන්වාදීමට සහ බෙදාහැරීමට DIMO කටයුතු කර ඇත. එමෙන්ම නුදුරේදීම මෙරටට ගෙන්වීමට නියමිත Mercedes-Benz EQB 250, EQE 350+ සහ EQS 450 4MATIC SUV සමඟින් මෙරට බලයලත් නියෝජිතයන් අතර විද්‍යුත් වාහන (EV) අංශයේ පුරෝගාමීයා ලෙස සිය ස්ථානය තහවුරු කරගැනීමට DIMO සමත් වනු ඇත.DIMO වෙතින් හඳුන්වාදෙන ලද මෙම Mercedes-Benz EQ රථ, ශ්‍රී ලංකාවේ මාර්ග පද්ධතියට සහ කාලගුණික තත්ත්වයන්ට මනාව ගැළපෙන සේ නිමවා ඇති අතර පාරිභෝගික අවශ්‍යතාවයන් සපුරාලීම වෙනුවෙන්ම පාරිභෝගික කැමැත්ත මත නිර්මාණය කර ඇත. සෘජුවම Mercedes-Benz AG කර්මාන්තශාලාවෙන් මෙරට වෙළෙඳපළ වෙත බෙදාහරින මෙම සෑම වාහනයක් සඳහාම Mercedes-Benz AG Global නිෂ්පාදක වගකීම හිමිවන අතර වාහන මාදිලිය අනුව වසර 8-10 අතර කාල පරාසයක් පවතින අධි වෝල්ටීයතාවයකින් (HV) යුත් බැටරි සඳහා වගකීමක් ද පිරිනමයි. එමෙන්ම EQ වාහන පෙළ ප්රශස්ත බැටරි ධාරිතාවයකින් යුක්ත වන අතර, එක් ආරෝපණයක් මඟින් කිලෝමීටර 400 සිට 700 දක්වා ධාවන පරාසයක් ලබා දෙයි. පරිසරයට බලපෑමක් සිදු නොවන පරිදි මෙම HV බැටරි බැහැර කිරීම ඉතා වැදගත් වන අතර ඒ සඳහා විශේෂ ක්‍රියාවලියක් අවශ්‍ය වේ. අනාගත ලෝකයට ගැළපෙන පරිදි කටයුතු කරන ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන අංශයේ පුරෝගාමියා වන DIMO, වගකීමෙන් යුතුව මෙම බැටරි බැහැර කිරීම සඳහා සුවිශේෂී යන්ත්‍රණයක් ක්‍රියාවට නංවා ඇත. ඒ අනුව ආයු කාලය අවසන් බැටරි ප්‍රතිචක්‍රිකරණය සඳහා අපනයන කරන සමාගම් කිහිපය අතරට DIMO සමාගම ද එක් වෙමින් සිය ක්‍රියාවලියේ තිරසර බව සහතික කර තිබේ.
91