2024 SLIM Brand විශිෂ්ටතා සම්මාන උලෙළේ, ලෝකඩ නිල අනුග්‍රාහකත්වය ලබා දෙමින්, සිය අලෙවිකරණ විශිෂ්ටත්වය රටටම ප්‍රදර්ශනය කිරීම සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් අපගේ අරමුණයි. අලෙවිකරණය පිළිබඳ ජාතික මට්ටමේ ආයතනයක් වන, ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් වාර්ෂිකව සංවිධාන කරන SLIM Brands විශිෂ්ටතා සම්මාන උලෙළ, කාගේත් අවධානය දිනූ, දිවයිනේ අලෙවිකරණ ජයග්රහණයන් සඳහා ඇගැයුම් පිරිනමන සුවිශේෂී වැඩසටහනක් වන අතර මෙය දේශීය අලෙවිකරුවන්ට ජාත්‍යන්තර ප්රමිතීන් ළඟා කරගැනීම සඳහා දිරිගන්වමින්, ඔවුන් අතර ගුණාත්මක තරගකාරීත්වයක් ඇති කිරීම
උදෙසා පවත්වනු ලබන්නකි. අලෙවිකරණය ශ්‍රී ලාංකික ආර්ථිකය තුළ කැපී පෙනෙන බලවේගයක් බවට පත් කිරීම සඳහා SLIM ආයතනය දරන උත්සහාය ද මෙම සම්මාන උලෙළ තුළින් මැනවින් පැහැදිලි වේ.
ශ්‍රී ලංකාවේ අලෙවිකරණ ක්ෂේත්රයේ සංවර්ධනය කරමින් විශිෂ්ටත්වය කරා ඔසවා තබන්නට, සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් ලබා දෙන මෙම අනුග්‍රාහකත්වය, ඔවුන් දරන්නා වූ උත්සාහයට මනා නිදසුනක් වනවා සේම, සමාගමේ මෙම දායකත්වය සම්මාන උලෙළ වර්ණවත් කරන්නටත්, නරඹන්නන්ට අපූර්වතම අත්දැකීමක් එකතු කරන්නටත් හේතුවනු නොඅනුමානය. නිල අනුග්‍රාහකයා ලෙස සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, මෙම සම්මාන උලෙළට දායකත්වය සැපයීම තුළින් පෙනී යන්නේ, නිරන්තරයෙන්ම ඉහළ පෙළේ සන්නාමයන්හි ජයග්‍රහණ ඇගැයීම පිළිබඳ සමාගමේ ඉදිරිගාමී දැක්ම සහ කීර්තියයි. පසුගිය වසර 15 තුළ සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, ආහාර සුරක්ෂිතතාව සහ ආරක්ෂාව පිළිබඳ සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරමින් ශ්‍රී ලංකාවේ ආහාර කර්මාන්තයේ විශ්වසනීය සලකුණක් බවට පත්ව ඇත. ‘දේශය පෝෂණය කිරීම’ වෙනුවෙන් නිරතුරුව ඇපකැප වූ සමාගමක් වන සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, ලාංකික වෙළඳපොළට උසස්ම ගුණාත්මක බවින් හා පෙරළිකාර නවෝත්පාදන නිපැයුම් හඳුන්වා දීම තුළින් ස්වකීය විශිෂ්ටත්වය මැනවින් ප්‍රදර්ශනය කොට ඇත. සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් වෙතින් ජාතියට පිරිනමන අගය එකතු කළ නිෂ්පාදන රැස, ශ්‍රී ලංකාවේ ආහාර ක්ෂේත්රය සැලකිය යුතු අයුරින් වැඩි දියුණු කරන්නට දායක වී ඇති අතර සෞඛ්‍ය සම්පන්න ජාතියක් ගොඩනැඟීමට ද මෙම ව්‍යායාමය ඉවහල් වී ඇත.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) ඩුබායි කේන්ද්‍ර කරගත් ප්රමුඛ පෙළේ විවිධත්වයෙන් යුතු පවුල් ව්‍යාපාරයක් වන Al Ghurair හි පූර්ණ අනුබද්ධිත ආයතනයක් වන සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, SLIM Brand විශිෂ්ටතා සම්මාන උලෙළේ අනුග්‍රාහකයෙකු බවට පත් වෙමින්, ශ්‍රී ලංකාවේ අලෙවිකරණ ක්ෂේත්රය තුළ හොඳම නිර්මාණශීලී සන්නාම හඳුනාගනිමින් ඒවා අගයන්නට කැපවන අතරම, මෙම වෑයම තුළින් අලෙවිකරණ ක්ෂේත්රය වර්ධනය කරන්නටත්, සබැඳියාවන් පොහොසත් කරන්නටත් නිසැකවම දායක වනු නොඅනුමානය.