Friday, May 9, 2025
Home » ලෝක නාය­ක­යන්ගේ සටන් විරාම යෝජනා ඉව­තට

ලෝක නාය­ක­යන්ගේ සටන් විරාම යෝජනා ඉව­තට

ඊශ්‍රා­යල ලෙබ­නන් යුද්ධය උත්සන්න වෙයි

by damith
September 28, 2024 1:10 am 0 comment

දින 21ක සටන් විරා­ම­යක් වහාම කැඳ­වන ලෙස ජාත්‍ය­න්තර රට­වල් කළ ඉල්ලීම් ප්‍රති­ක්ෂේප කර­මින් ලෙබ­න­නය හා ඊශ්‍රා­ය­ලය අඛ­ණ්ඩව යුද වදි­මින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. උතුරු ඊශ්‍රා­ය­ලයේ ලෙබ­නන් දේශ­සී­මාව අසළ පිහිටි හයිෆා නුව­රට ඊයේ උදෑ­සන හෙස්බුල්ලා සංවි­ධා­න­යෙන් මිස­යිල ප්‍රහා­ර­යක් එල්ල වී ඇතැයි ද, ඉන් වැඩි ප්‍රමා­ණ­යක් අයන් ඩෝම් මිස­යිල නාශක පද්ධ­ති­යෙන් විනාශ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. හෙස්බුල්ලා සංවි­ධා­නය දකුණු ලෙබ­න­නයේ සිට මිස­යිල ප්‍රහාර 10ක් එල්ල කළ බවත්, ඉන් වැඩි ප්‍රමා­ණ­යක් අයන් ඩෝම් මිස­යිල නාශක පද්ධ­ති­යෙන් විනාශ කළ බවත් ඊශ්‍රා­ය­ලය ඊයේ උදෑ­සන නිවේ­ද­නය කර ඇතැයි ද වාර්තා වේ.

ගතවූ අව­සන් විසි­හ­තර පැයේදී දකුණු ලෙබ­න­නය හා උතුරු ඊශ්‍රා­ය­ලය අතර දේශ­සී­මාව දෙප­සට රොකට් සහ මිස­යිල ප්‍රහාර දෙද­හ­ස­කට අධික සංඛ්‍යා­වක් හුව­මාරු වී ඇති අතර, ඉන් වැඩි හානි­යක් දකුණු ලෙබ­න­න­යට සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය. පසු­ගිය සඳුදා සිට දකුණු ලෙබ­න­න­යට එල්ල වන ඊශ්‍රා­යල ප්‍රහා­ර­යෙන් ඊයේ වන විට හෙස්බුල්ලා සාමා­ජි­ක­යන් සහ සිවිල් වැසි­යන් 700කට අධික පිරි­සක් ජීවි­ත­ක්ෂ­යට පත්වී ඇතැයි ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT