Home » ජපා­නයේ මීළඟ අග­මැති හිටපු ආර­ක්ෂක ඇමැති

ජපා­නයේ මීළඟ අග­මැති හිටපු ආර­ක්ෂක ඇමැති

by damith
September 28, 2024 1:07 am 0 comment

ජපා­නයේ මීළඟ අග­මැ­ති­ව­රයා ලෙස හිටපු ආර­ක්ෂක ඇමැති ෂිගේරු ඉෂිබා පත්වී­මට නිය­මිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ජපා­නයේ පාලක පක්ෂය වන ලිබ­රල් ඩිමො­ක්‍ර­ටික් පක්ෂයේ නාය­කයා තේරීම සඳහා ඊයේ පැවැති ඡන්ද විම­සීම ජය ගැනී­මෙන් පසු ඔහු මීළඟ අග­මැ­ති­ව­රයා බවට පත්වූ බවත් විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

67 හැවි­රිදි හිටපු ආර­ක්ෂක ඇමැ­ති­ව­රයා ලබන ඔක්තෝ­බර් මාස­යේදී ජපා­නයේ නව අග­මැති ලෙස දිව්රුම් දෙනු ඇතැයි ද වාර්තා වේ.

ලිබ­රල් ඩිමො­ක්‍ර­ටික් පක්ෂයේ නාය­කයා තෝරා ගැනීමේ ඡන්ද විම­සී­මට අපේ­ක්ෂ­ක­යන් 9 දෙනකු ඉදි­රි­පත් වී ඇති අතර, ඡන්ද 215කින් 194ක් ෂිගේරු ඉෂි­බාට පක්ෂය ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය. ඔහු ලිබ­රල් ඩිමො­ක්‍ර­ටික් පක්ෂයේ නාය­ක­ත්ව­යට තරග වැදුණු පස්වැනි අව­ස්ථාව බව ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT