Home » ව්‍යාජ ලිපි­ලේ­ඛන ඉදි­රි­පත් කිරීමේ චෝද­නා­වට ටියු­නී­සි­යාවේ ජන­පති අපේ­ක්ෂ­කට සිර දඬු­වම්

ව්‍යාජ ලිපි­ලේ­ඛන ඉදි­රි­පත් කිරීමේ චෝද­නා­වට ටියු­නී­සි­යාවේ ජන­පති අපේ­ක්ෂ­කට සිර දඬු­වම්

by damith
September 28, 2024 1:09 am 0 comment

ටියු­නී­සි­යාවේ ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඉදි­රි­ප­ත්වී­මේදී ව්‍යාජ ලිපි­ලේ­ඛන ඉදි­රි­පත් කර ඇතැයි එල්ල වූ චෝදනා තහ­වුරු වීම හේතු­වෙන් ජනා­ධි­පති අපේ­ක්ෂක අයාචි සැමේල්ට මාස 6ක සිර දඬු­වම් නියම වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. හිතා­මතා ව්‍යාජ සහ­තික ඉදි­රි­පත් කිරී­මෙන් ඔහුට එම දඬු­වම අත්වූ අතර, ජනා­ධි­ප­ති­ධු­ර­යට ජන­ප්‍රි­ය­තම පුද්ග­ලයා ලෙස ව්‍යාජ දත්ත වාර්තා­වක් සකස් කිරිම හේතු­වෙන් ඔහුට පසු­ගිය සති­යේදී මාස 20ක තවත් සිර දඬු­ව­මක් නියම කර තිබූ බව ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

ටියු­නි­සි­යාවේ ජනා­ධි­ප­ති­ව­ර­ණය ලබන ඔක්තෝ­බර් මස 6 වැනිදා පැවැ­ත්වී­මට නිය­මිත අතර, ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී ඔහු දුර්වල කිරීමේ අර­මු­ණින් අයුක්ති සහ­ගත තීන්දු­වක් ලබා දුන් බවට ඔහුගේ නීති­ඥයා චෝදනා කර ඇතැයි වාර්තා වේ. ඔහුගේ ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඉදි­රි­ප­ත්වීමේ අයි­තිය අව­සන් මොහොත දක්වා රැක ගැනී­මට කට­යුතු කරන බව­ටත් නීති­ඥ­ව­රයා ප්‍රතිඥා දුන් බව ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT