ටියුනීසියාවේ ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමේදී ව්‍යාජ ලිපිලේඛන ඉදිරිපත් කර ඇතැයි එල්ල වූ චෝදනා තහවුරු වීම හේතුවෙන් ජනාධිපති අපේක්ෂක අයාචි සැමේල්ට මාස 6ක සිර දඬුවම් නියම වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. හිතාමතා ව්‍යාජ සහතික ඉදිරිපත් කිරීමෙන් ඔහුට එම දඬුවම අත්වූ අතර, ජනාධිපතිධුරයට ජනප්‍රියතම පුද්ගලයා ලෙස ව්‍යාජ දත්ත වාර්තාවක් සකස් කිරිම හේතුවෙන් ඔහුට පසුගිය සතියේදී මාස 20ක තවත් සිර දඬුවමක් නියම කර තිබූ බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
ටියුනිසියාවේ ජනාධිපතිවරණය ලබන ඔක්තෝබර් මස 6 වැනිදා පැවැත්වීමට නියමිත අතර, ජනාධිපතිවරණයේදී ඔහු දුර්වල කිරීමේ අරමුණින් අයුක්ති සහගත තීන්දුවක් ලබා දුන් බවට ඔහුගේ නීතිඥයා චෝදනා කර ඇතැයි වාර්තා වේ. ඔහුගේ ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමේ අයිතිය අවසන් මොහොත දක්වා රැක ගැනීමට කටයුතු කරන බවටත් නීතිඥවරයා ප්‍රතිඥා දුන් බව ද වාර්තා වේ.