මීගමුව කොට්ඨාස බුද්ධි අංශයට ලැබූ තොරතුරකට අනුව රුපියල් එක්කෝටි විසි ලක්ෂයකට අලෙවි කිරීම සඳහා රැගෙන විත් තිබූ ගජ මුතු පහක් සමඟ එක් සැකකරුවකු 27 වැනි
දින මීගමුව කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශ ස්ථානාධිපති චන්දන රණසිංහ මහතා ඇතුළු නිලධාරි කණ්ඩායමක් මීගමුව බස් නැවතුම්පොළ පරිශ්‍රයේදී අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සිසිල ගම්පොළ පාර ගොඩපළ ගෙල ඔය පදිංචි වනිගමුනිග තිළිණ අවුරුදු 38 නැමැති සූප වේදියෙකි. මීගමුව කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතාගේ උපදෙස් පරිදි මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන රණසිංහ මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක සරත්,උප පොලිස් පරීක්ෂක සවිල මදුශාන් ,සැරයන් 5775 විජේනායක,පොලිස් කොස්තාපල් වරුන් වන 37928 වන්නිනායක 86500 සේනාධීර,33113 සංජීව,පො.කො.රි.89904 මදුසංක යන නිලධාරි කණ්ඩායම මෙම වැටලීම කර තිබුණි.28 වැනි දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.