Home » එක්කෝටි විසි ලක්ෂ­ය­කට ගජමුතු 5ක් විකුණන්න ගෙනා සැකකරු අත්අ­ඩං­ගු­වට

එක්කෝටි විසි ලක්ෂ­ය­කට ගජමුතු 5ක් විකුණන්න ගෙනා සැකකරු අත්අ­ඩං­ගු­වට

by damith
September 28, 2024 1:11 am 0 comment

ඩී. මිහි­ඳු­කුල - කොච්චි­කඩේ

මීග­මුව කොට්ඨාස බුද්ධි අංශ­යට ලැබූ තොර­තු­ර­කට අනුව රුපි­යල් එක්කෝටි විසි ලක්ෂ­ය­කට අලෙවි කිරීම සඳහා රැගෙන විත් තිබූ ගජ මුතු පහක් සමඟ එක් සැක­ක­රු­වකු 27 වැනි

දින මීග­මුව කොට්ටාස අප­රාධ විම­ර්ශන කාර්යාංශ ස්ථානා­ධි­පති චන්දන රණ­සිංහ මහතා ඇතුළු නිල­ධාරි කණ්ඩා­ය­මක් මීග­මුව බස් නැව­තු­ම්පොළ පරි­ශ්‍ර­යේදී අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.

මෙලෙස අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ සිසිල ගම්පොළ පාර ගොඩ­පළ ගෙල ඔය පදිංචි වනි­ග­මු­නිග තිළිණ අවු­රුදු 38 නැමැති සූප වේදි­යෙකි. මීග­මුව කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී එරික් පෙරේරා මහ­තාගේ උප­දෙස් පරිදි මීග­මුව කොට්ඨාස අප­රාධ විම­ර්ශන කාර්යාං­ශයේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක චන්දන රණ­සිංහ මහ­තාගේ මෙහෙ­ය­වී­මෙන් පොලිස් පරී­ක්ෂක සරත්,උප පොලිස් පරී­ක්ෂක සවිල මදු­ශාන් ,සැර­යන් 5775 විජේ­නා­යක,පොලිස් කොස්තා­පල් වරුන් වන 37928 වන්නි­නා­යක 86500 සේනා­ධීර,33113 සංජීව,පො.කො.රි.89904 මදු­සංක යන නිල­ධාරි කණ්ඩා­යම මෙම වැට­ලීම කර තිබුණි.28 වැනි දින අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT