Home » පිර­මීඩ වංචා­කරුට උප­කා­රක පන්ති ගුරු­ව­ර­යාගේ බිරිය පහර දීලා

පිර­මීඩ වංචා­කරුට උප­කා­රක පන්ති ගුරු­ව­ර­යාගේ බිරිය පහර දීලා

by damith
September 28, 2024 1:09 am 0 comment

සූරි­ය­වැව විශේෂ - නුවන් ජය­සේ­කර සහ තංගල්ල බන්දුල පද්ම­සිරි

ඔන්මැක්ස් ඩීටී මහා පරි­මාණ පිර­මීඩ වංචාවේ ප්‍ර‍ධාන පෙළේ නියෝ­ජි­ත­යකු බව කියන අය­කුට පහ­රදී මහ මඟ දමා ගිය ඇඹි­ලි­පි­ටියේ උප­කා­රක පන්ති ගුරු­ව­ර­ය­කුගේ බිරි­යක් අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

රන්න, තලුන්න ප්‍රදේ­ශයේ පදිංචි සංචා­රක මඟ පෙන්ව­න්නකු ඇඹි­ලි­පි­ටිය ප්‍රදේ­ශයේ පදිංචි පුද්ග­ල­යකු පැහැ­ර­ගෙන ගොස් පහර දී වෙල් යාය­කට ගෙන­විත් දමා තිබිය දී ප්‍රදේ­ශ­වා­සීන් එක්ව තංගල්ල මූලික රෝහ­ලට ඊයේ (27) ඇතු­ළත් කර ඇතැයි හුංගම පොලි­සිය කියයි.

මෙලෙස පැහැර ගැනී­මට ලක්ව ඇත්තේ ඔන්මැක්ස් ඩීටී මහා පරි­මාණ පිර­මීඩ වංචාවේ ප්‍ර‍ධාන පෙළේ නියෝ­ජි­ත­යකු බව ද පොලි­සිය කියයි.

මේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් උප­කා­රක පංති ගුරු­ව­ර­ය­කුගේ බිරිය අත්අ­ඩං­ගු­වට ගත් බව ද පොලි­සිය සඳ­හන් කරයි. මෙලෙස පැහැර ගැනී­මට ලක්ව ඇත්තේ ‘සිසි­ලස’, තලුන්න, රන්න ලිපි­නයේ පදිංචි සංචා­රක මඟ පෙන්ව­න්නකු ලෙස කට­යුතු කළ 35 හැවි­රිදි චන්ද්‍ර බණ්ඩා­රගේ හෂේන් මදු­ෂංක නමැ­ත්තාය.

පැහැර ගැනී­මට ලක් වූ පුද්ග­ල­යාගේ බිරිය වන 33 හැවි­රිදි මන­ම්පේරි මුද­ලිගේ ගීතානි ඉරේෂා නමැති අය විසින් 26 වැනි දින හුංගම පොලි­සි­යට මෙම පැමි­ණිල්ල ඉදි­රි­පත් කර තිබේ.

සිය සැමියා එම ප්‍රදේ­ශ­යේම පදිංචි සිය ඥාති­යකු සමඟ මත්පැන් පානය කර එම නිවසේ තිබූ මෝටර් රථ­යක නිදා­ගෙන සිටි­යදී කොළ පැහැති කාර් රථ­ය­කින් පැමිණි තිදෙ­නකු පැහැ­ර­ගෙන ඇති බව පැමි­ණි­ලි­කා­රිය සිය පැමි­ණි­ල්ලෙන් දක්වා ඇතැයි පොලි­සිය කියයි.

සිය සැමියා ඇඹි­ලි­පි­ටිය ප්‍රදේ­ශයේ පදිංචි උප­කා­රක පන්ති ගුරු­ව­ර­යකු සමඟ මුදල් ගනු­දෙ­නු­වක් සම්බන්ධ ආර­වු­ලක් තිබූ අතර, නිතර නිතර එම ගුරු­ව­රයා දුර­ක­ත­න­යෙන් කතා කර තර්ජ­නය කරන බවත් ඔහු සිය සැමියා පැහැර ගන්නට ඇතැයි සැක කරන බවත් පැමි­ණි­ලි­කා­රිය පැමි­ණි­ල්ලෙන් දක්වා තිබූ බව ද පොලි­සිය සඳ­හන් කරයි.

ඒ අනුව සිද්ධි­යට සම්බන්ධ බව කියන ඇඹි­ලි­පි­ටිය පදිංචි උප­කා­රක පන්ති ගුරු­ව­ර­යකු හා ඔහුගේ බිරිය සොයා පොලි­සිය විම­ර්ශන ආරම්භ කළ අතර, එහිදී උප­කා­රක පන්ති ගුරු­ව­රයා පොලි­සිය මඟ­හැර ඇති අතර, ඔහුගේ බිරිය අත්අ­ඩං­ගු­වට පත්ව තිබේ. පැහැර ගැනී­මට ලක් වූ පුද්ග­ලයා පසු­ගිය කාලයේ ‘ඔන්මැක්ස් ඩීටී’ නමින් පව­ත්වන ලද මූල්‍ය ව්‍යාපා­රයේ රන්න ප්‍රදේ­ශයේ ප්‍රධාන පෙළේ නියෝ­ජි­ත­යකු ලෙස කට­යුතු කර ඇති බවත් මෙම උප­කා­රක පන්ති ගුරු­ව­රයා ද මේ සඳහා මුදල් යොදවා ඇති බවත් මූලික පොලිස් විම­ර්ශ­න­ව­ලදී අනා­ව­ර­ණය වී තිබේ.

පැහැර ගැනී­මට ලක් වූ පුද්ග­ල­යාට පහර දී අත­ර­ගම වෙල් යාය­කට ගෙනත් දමා තිබිය දී ප්‍රදේ­ශ­වා­සින් රෝහ­ල්ගත කර තිබේ. අත්අ­ඩං­ගු­වට පත් සැක­කා­රිය අගු­ණු­කො­ළ­පැ­ලැස්ස මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තය. තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි සිසිර පෙත්ත­තන්ත්‍රි මහ­තාගේ උප­දෙස් පරිදි හුංගම පොලිස් ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක ක්‍රිෂාන්ත සම්පත් ජය­සිංහ මහතා ඇතුළු නිල­ධා­රින් කණ්ඩා­ය­මක් විම­ර්ශන පව­ත්වති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT