Home » මහ­මැ­ති­ව­ර­ණ­යට එන්නේ තරුවෙන් නොවේ

මහ­මැ­ති­ව­ර­ණ­යට එන්නේ තරුවෙන් නොවේ

මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජය­වීර

by damith
September 28, 2024 1:04 am 0 comment

නුවන් කොඩි­කාර

ඉදිරි මහ මැති­ව­ර­ණ­යට ප්‍රබල ලෙස සන්ධා­න­ග­තවී සර්ව­ජන බලය යටතේ තරග කරන බවත් ඒ සඳහා තරුව හැර වෙනත් සල­කු­ණ­කින් තරග කරන බවත් මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යව­සා­යක දිලිත් ජය­වීර පැව­සීය. පක්ෂයේ ජාතික සංවි­ධා­යක ලෙස හිටපු රාජ්‍ය ඇමැති දිලුම් අමු­ණු­ගම පත් කිරී­මෙන් අන­තු­රුව බොරැල්ල සිය පක්ෂ කාර්යා­ල­යේදී පෙරේදා (26) පැවති මාධ්‍ය හමු­වේදී හෙතෙම මේ බව සඳ­හන් කළේය.

ඒ මහතා වැඩි­දු­ර­ටත් මෙසේ ද පැවැ­සීය.

ජ්‍යෙෂ්ඨ නායක හේම­කු­මාර නානා­ය­ක්කාර මහතා තාරු­ණ්‍ය­යට දන් දුන් පක්ෂ­යක් තමයි මව්බිම ජනතා පක්ෂය කියන්නේ. අපි ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී අලුත්ම දේශ­පා­ලන කණ්ඩා­ය­මක් හැටි­යට, මම මීට පෙර දේශ­පා­ල­නය නොකළ පුද්ග­ල­යෙක් හැටි­යට ජන­තාව ඉදි­රි­යට ගොස් ඔවු­න්ගෙන් සැල­කිය යුතු ප්‍රති­ඵ­ල­යක් ලබා ගත්තා. කොහොම වුණත් අපි දැන් පාර්ලි­මේන්තු මැති­ව­ර­ණ­යට මුහු­ණ­දී­මට යුහු­සු­ළුව කට­යුතු කර­නවා. අපි මැති­ව­රණ දිස්ත්‍රික්ක 22 සඳ­හාම පාර්ලි­මේ­න්තු­වට ඉදි­රි­පත් කර­නවා. අපි ලංකාවේ වඩාත් බල­පෑ­මක් කළ හැකි දේශ­පා­ලන සන්ධා­නය මෙවර බිහි­ක­ර­නවා. අපි ආරා­ධනා කර තිබෙ­නවා අපි කියන නිර්ණා­යක යටතේ එකතු වෙන්න කියලා. ප්‍රධාන ධාරාවේ දේශ­පා­ල­නයේ යෙදෙන දේශ­පා­ල­ක­යන්ට අප සමඟ සංවා­ද­ය­කට එන්න. අපට අවශ්‍ය ජන­තාව අපේක්ෂා කරන ඒ වෙනස නිර්මා­ණය කර ගැනී­මට. ඒ නිසා වෙනස්වූ දේශ­පා­ල­න­ය­කට කැමති සියලු දෙනාට අප සමඟ එකතු වෙන්න පුළු­වන්. දිලුම් අමු­ණු­ගම හිටියේ අපට ඡන්දය නොදුන් පාර්ශ්වයේ. එත­කොට දිලුම් අමු­ණු­ගම ගත් තීර­ණය මහ මැති­ව­ර­ණ­යේදී ජන­තාව ගනීවි. දැන් සරත් අමු­ණු­ගම මහතා මේ පිළි­බ­ඳව ධනා­ත්ම­කව බලයි කියා අපි විශ්වාස කර­නවා. අපි අපේ පක්ෂ­යට එකතු කර ගන්නේ අපේ නිර්ණා­ය­ක­යන්ට යටත් වෙනවා නම් පම­ණයි. එහෙම නැතිව අංකය වැඩි කර ගැනී­මට එකතු කර ගැනී­මට කිසිම බලා­පො­රො­ත්තු­වක් නැහැ. ජන­තාව ජනතා විමුක්ති පෙර­මුණ විශ්වාස කර අපි අවි­ශ්වාස කළා ද නැද්ද කියන එක තීර­ණය වෙයි මේ මහ මැති­ව­ර­ණ­යෙන් පස්සේ.අපි දිග­ටම ඉන්නේ උපා­ය­මා­ර්ගික වැඩ­පි­ළි­වෙ­ළේ­මයි.Ó

මව්බිම ජනතා පක්ෂයේ ජාතික සංවි­ධා­යක හිටපු රාජ්‍ය ඇමැති දිලුම් අමු­ණු­ගම –

අපි ගෝඨා­භය රාජ­පක්ෂ සමඟ තමයි වග­කීම් භාර ගත්තේ. අව­සන් කරන්න වුණේ රනිල් වික්‍ර­ම­සිංහ සමඟ. එතු­මාට අපි කළ යුතු යුතු­ක­මක් හැටි­යට මැති­ව­ර­ණ­යේ­දීත් අපි එතු­මාගේ ජය­ග්‍ර­හ­ණය පිණිස කැප­වෙලා කට­යුතු කළා. හැබැයි දැන් අපට නිද­හස ලැබී තිබෙ­නවා අපි දේශ­පා­ල­නය කළ යුත්තේ කා සම­ඟද කියා තීන්දු කරන්න. මම ජාතික සංවි­ධා­යක තන­තුර භාර ගත්තේ මේ පක්ෂය ලංකාවේ වඩාත්ම ශක්ති­මත් කිරීමේ අර­මු­ණින්. මොකද මේ පක්ෂයේ නායක දිලිත් ජය­වී­රගේ ප්‍රති­පත්ති ඉතාම හොඳයි. ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ ආරම්භ කළෙත් අපි ඒ සඳහා මූලික වුණෙත් අපි. හැබැයි එම රජ­යෙන් තරු­ණ­යන්ගේ බලා­පො­රොත්තු ඉටු නොවුණ නිසා මම විශ්වාස කර­නවා මේ පක්ෂයේ ප්‍රති­පත්ති මාලාව ඇතු­ළත ඒවා ඉටු කරන්න පුළු­වන් වෙයි කියලා. මේ මැති­ව­රණ ප්‍රති­ඵ­ලය දෙස බැලු­වා­මත් අපට පැහැ­දිලි වෙනවා සාම්ප්‍ර­දා­යික දේශ­පා­ල­න­යට තිබෙන තැන කොහෙද කියලා. ඒ නිසා සාම්ප්‍ර­දා­යික දේශ­පා­ල­න­යෙන් එහාට ගිහින් විශේ­ෂ­යෙන්ම තමන්ගේ යහ­පත පිණිස දේශ­පා­ල­නය කර­න­වාට වඩා සමා­ජයේ යහ­පත පිණිස දේශ­පා­ල­නය කරන කණ්ඩා­ය­මක් රැඳී සිටින මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජය­වීර සමඟ වැඩ කරන්න භාර ගත්තේ ඉතා සතු­ටින්. අපි භාර ගන්න ඕනෑම කට­යු­ත්තක් පරා­ජය වෙලා අත­හ­රින්නේ නැහැ. ඒ නිසා අනි­වා­ර්ය­යෙන්ම මේ පක්ෂයේ ජය­ග්‍ර­හ­ණය කරා යෑමට කැප­වෙ­නවා.

තව වසර 5ක් 10ක් ඉදි­රිය බැලු­වොත් මේ රටේ නාය­ක­යන් නැහැ. නාය­ක­යන් කියා­ගන්න පිරිස් නෑ. නමුත් ප්‍රායෝ­ගි­කව දෙයක් කළ හැකි නාය­ක­යන් නැහැ. ඒ නිසා ගෝඨා­භය රාජ­පක්ෂ ගැන විශ්වා­සය තබා එතුමා නිර්මා­ණය කරන්න වෙර දැරුවා වගේම අර්බු­ද­කාරී තත්ත්ව­යේදී රනිල් වික්‍ර­ම­සිං­හට අත දුන්නා වගේම ඉදි­රි­යේදී රටට නාය­ක­යන් නැත්තම් නාය­ක­යෙක් බිහි කිරී­මට අපි කැප­වී­මෙන් කට­යුතු කර­නවා.

මම ලේසි තැනින් අමාරු තැනට ඇවිත් ඉන්නේ. මොකද මම කලින් හිටපු තැන හිටියා නම් පහ­සු­වෙන් පාර්ලි­මේ­න්තු­වට යන්න පුළු­වන්.Ó

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT