පස්සර, උඩගම, පරගහඅරාව කඳුරේ බලපත්‍ර නොමැතිව නීති විරෝධී ආකාරයෙන් මැණික් ගැරූ බව කියන පුද්ගලයන් 11 දෙනකු ඒ සඳහා යොදා ගත් උපකරණ සමඟ පසුගිය (26) දින පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
එහිදී අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 27 සිට 66 දක්වා වයස් සීමාව තුළ පසුවන කර්මාන්ත ශාලා කොටස, යූරිවත්ත, පස්සර සහ උඩගම, පස්සර යන ලිපිනයන්වල පදිංචිකරුවන් පිරිසකි. ලද තොරතුරක් මත පස්සර පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර ඇති අතර, එහිදි ඔවුන් භාරයේ තිබී ගල් විදින යන්ත්‍රයක්, මැණික් ගැරීමට යොදා ගන්නා කුඩා අලවංගු, උදලු ඇතුළු උපකරණ කිහිපයක් ද අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය. බදුල්ල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දේවත්ත මහතාගේ උපදෙස් මත පස්සර පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. පියරත්න ඒකනායක මහතා ඇතුළු කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කර ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්සර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.