අවුරුදු 18න් පහළ ආසියානු පළමු පෙළ සත් සාමාජික රග්බි තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම අද මැලේසියාවේදී තරග බිමට පිවිසෙයි.
කණ්ඩායම් 10ක් එක්වන තරගාවලියේදී ශ්‍රී ලංකා පිල ‘බී’ කාණ්ඩයෙන් තරග වදින අතර, පළමු වටයේදී ශ්‍රී ලංකා පිල අද පළමු තරගයට එක් වන්නේ තායිලන්තයට එරෙහිවය. අනතුරුව දෙවැනි තරගයේදී චින තායිපේ පිල හමුවන ශ්‍රී ලංකා පිල හොංකොං පිලට එරෙහිව තෙවැනි තරගයට එක් වෙයි. මේ තරග දෙකත් අද පැවැත්වෙන අතර, හෙට පැවැත්වෙන සිව්වැනි තරගයෙන් ශ්‍රී ලංකාවට නිතරග ජයක් හිමිව තිබේ.
මේ තරගාවලියේ අවසන් තරග හෙට (29) පැවැත්වේ.
මූලික වටයේදී ‘ඒ’ කාණ්ඩයෙන් ඉන්දියාව, සවුදි ආරාබිය, සිංගප්පූරුව, මැලේසියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය තරග වදියි.
ක්‍රීඩකයන් 12 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස බම්බලපිටිය සාන්ත පීතර විදුහලේ විෂේන්ක සිල්වා නම් කර තිබේ. ඉසිපතන විදුහල් ක්‍රීඩක ත්‍රිනෙත්‍ර දොඩම්ගොඩගේ උපනායකයා ලෙස කටයුතු කරයි.
මේ සංචාරයේදී කණ්ඩායමේ කළමනාකරු ලෙස මනුජ නිම්මාන, පුහුණුකරු ලෙස රජිව් පෙරේරා සහ කණ්ඩායමේ වෛද්‍යවරයා ලෙස කේ.ඒ.පී. කිරිඇල්ල යන මහත්වරුන් කටයුතු කරති.
ශ්‍රී ලංකා 18න් පහළ රග්බි කණ්ඩායම – විෂේන්ක සිල්වා (නායක), ත්‍රිනෙත්‍ර දොඩම්ගොඩගේ (උපනායක), දසිස් පතිරණ, මොහොමඩ් පවාස්, නිමන්ත සංදීප, සෙනුත් දින්සර, ශහිඩ් සුම්රි, ශාන් අල්තාෆ්, නෙතුෂාන් පීරිස්, සදීෂ වීරවංශ, ලුක්මන් හකීම්, තතීර පෙරේරා, අතිරේක – කයිසර් ලී, සචිර නවිෂ, ඉනෝෂ් සිල්වා.