අන්තර් පාසල් අවුරුදු 19න් පහළ ක්රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල කඩුලු 7කින් පරාජය කිරීමට මහනුවර කිංග්ස්වුඩ් විදුහල සමත් විය.
මේ තරගයේ පළමුව පන්දුවට පහර දුන් සාන්ත තෝමස් පළමු ඉනිම ලකුණු 169කට සීමා කළ කිංග්ස්වුඩ් ක්රීඩකයන්ට පළමු ඉනිමේදී රැස් කළ හැකි වූයේ ලකුණු 148ක් පමණි.
කෙසේ වෙතත් ලකුණු 21ක් ඉදිරියෙන් දෙවැනි ඉනිම ඇරඹූ සාන්ත තෝමස් පිල ලකුණු 94කට දවා ගැනීමට සමත් වූ කිංග්ස්වුඩ් පිල ජයග්රහණය සඳහා හිමි වූ ලකුණු 116ක ඉලක්කය කඩුලු 3ක් දැවී තිබියදී සපුරා ගැනීමට සමත් විය. කිංග්ස්වුඩ් පිල වෙනුවෙන් කේ. ගමෙග් තුන් ඉරියව් දස්කම් දැක්වීය.
සා. තෝමස් පළමු ඉනිම – 169 (ඕවර 60) සී. මෙතිල 37, ඩී. ගුණවර්ධන 28 (සී. කොඩිතුවක්කු 27/3, කේ. ගමගේ 44/3) සහ දෙවැනි ඉනිම – 94 (ඕවර 32.3) ඩී. ගුණවර්ධන 23, ඒ. අධිකාරම් 22 (කේ. පිහිලියංග 27/4, යූ. ජයවර්ධන 8/3)
කිංග්ස්වුඩ් දෙවැනි ඉනිම – 148 (ඕවර 38.5) කේ. ගමගේ 55, එන්. නානායක්කාර 36, ඒ. ශරිෆ් 31 (ඒ. සිල්වා 26/4, ඩී. ගුණවර්ධන 8/4) සහ දෙවැනි ඉනිම – 119/3 (ඕවර 34.3) සී. කොඩිතුවක්කු 31, කේ. ගමගේ 22, වයි. අබේකෝන් 21 (ඒ. සිල්වා 30/3)