Home » කිංග්ස්වුඩ් විදු­හ­ලට කඩුලු 7ක ජයක්

කිංග්ස්වුඩ් විදු­හ­ලට කඩුලු 7ක ජයක්

by damith
September 28, 2024 1:08 am 0 comment

අන්තර් පාසල් අවු­රුදු 19න් පහළ ක්‍රිකට් තර­ගා­ව­ලියේ පළමු කොටසේ තර­ග­ය­කදී ගල්කිස්ස සාන්ත තෝමස් විදු­හල කඩුලු 7කින් පරා­ජය කිරී­මට මහ­නු­වර කිංග්ස්වුඩ් විදු­හල සමත් විය.

මේ තර­ගයේ පළ­මුව පන්දු­වට පහර දුන් සාන්ත තෝමස් පළමු ඉනිම ලකුණු 169කට සීමා කළ කිංග්ස්වුඩ් ක්‍රීඩ­ක­යන්ට පළමු ඉනි­මේදී රැස් කළ හැකි වූයේ ලකුණු 148ක් පමණි.

කෙසේ වෙතත් ලකුණු 21ක් ඉදි­රි­යෙන් දෙවැනි ඉනිම ඇරඹූ සාන්ත තෝමස් පිල ලකුණු 94කට දවා ගැනී­මට සමත් වූ කිංග්ස්වුඩ් පිල ජය­ග්‍ර­හ­ණය සඳහා හිමි වූ ලකුණු 116ක ඉල­ක්කය කඩුලු 3ක් දැවී තිබි­යදී සපුරා ගැනී­මට සමත් විය. කිංග්ස්වුඩ් පිල වෙනු­වෙන් කේ. ගමෙග් තුන් ඉරි­යව් දස්කම් දැක්වීය.

සා. තෝමස් පළමු ඉනිම – 169 (ඕවර 60) සී. මෙතිල 37, ඩී. ගුණ­ව­ර්ධන 28 (සී. කොඩි­තු­වක්කු 27/3, කේ. ගමගේ 44/3) සහ දෙවැනි ඉනිම – 94 (ඕවර 32.3) ඩී. ගුණ­ව­ර්ධන 23, ඒ. අධි­කා­රම් 22 (කේ. පිහි­ලි­යංග 27/4, යූ. ජය­ව­ර්ධන 8/3)

කිංග්ස්වුඩ් දෙවැනි ඉනිම – 148 (ඕවර 38.5) කේ. ගමගේ 55, එන්. නානා­ය­ක්කාර 36, ඒ. ශරිෆ් 31 (ඒ. සිල්වා 26/4, ඩී. ගුණ­ව­ර්ධන 8/4) සහ දෙවැනි ඉනිම – 119/3 (ඕවර 34.3) සී. කොඩි­තු­වක්කු 31, කේ. ගමගේ 22, වයි. අබේ­කෝන් 21 (ඒ. සිල්වා 30/3)

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT