Home » යුද හමුදා අන්තර් රෙජි­මේන්තු ජූඩෝ

යුද හමුදා අන්තර් රෙජි­මේන්තු ජූඩෝ

ගජබා සහ කාන්තා බළ­කාය විවෘත ශූරතා දිනයි

by damith
September 28, 2024 1:04 am 0 comment

යුද හමුදා අන්තර් රෙජි­මේන්තු ජූඩෝ තර­ගා­ව­ලියේ විවෘත අංශයේ පිරිමි ශූර­තාව දිනා ගැනී­මට ගජබා රෙජි­මේ­න්තුව සමත් වූ අතර, එහි කාන්තා ශූර­තාව යුද හමුදා කාන්තා බළ­කා­යට හිමි විය.

විවෘත අංශයේ පිරිමි හා කාන්තා අනු­ශූ­රතා පිළි­වෙ­ළින් ශ්‍රී ලංකා යුද හමුදා යුධෝ­ප­ක­රණ බළකා කාණ්ඩා­ය­මට සහ ඉංජි­නේරු බළකා කාණ්ඩා­ය­මට හිමි විය.

පසු­ගි­යදා පනා­ගොඩ යුද හමුදා ගෘහස්ථ ක්‍රීඩා­ගා­ර­යේදී ක්‍රීඩක ක්‍රීඩි­කා­වන් 188 දෙනෙ­කුගේ සහ­භා­ගි­ත්ව­යෙන් ආධු­නික හා විවෘත ලෙස කාණ්ඩ 2ක් යටතේ තර­ගා­ව­ලිය පැවති අතර, ආධු­නික අංශයේ ශූර­තාව සිංහ රෙජි­මේ­න්තුව සතු විය.

තර­ගා­ව­ලියේ දක්‍ෂ­තම ක්‍රීඩ­කයා ලෙස යුධෝ­ප­ක­රණ බළ­කායේ කෝප්‍රල් ජී.ඒ.එම්. චින්තක සහ දක්‍ෂ­තම ක්‍රීඩි­කාව ලෙස කාන්තා බළ­කායේ කෝප්‍රල් ඩබ්ලිව්.එල්.ඒ.එච් ඉමේෂා සම්මාන හිමි කර ගත්හ.

තර­ගා­ව­ලියේ ජය සංකේත ප්‍රදා­නය ප්‍රධාන ආරා­ධි­තයා ලෙස යුද හමුදා මාණ්ඩ­ලික ප්‍රධාන හා යුද හමුදා ජූඩෝ කමිටු සභා­පති මේජර් ජෙන­රාල් දිනේශ් නානා­ය­ක්කාර මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් සිදු කෙරිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT