Saturday, May 3, 2025
Home » රට වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක් ඉටු කළ පුද්ගලයන් වෙත චීන ජනපතිගෙන් සම්මාන

රට වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක් ඉටු කළ පුද්ගලයන් වෙත චීන ජනපතිගෙන් සම්මාන

by chanaka
September 29, 2024 2:19 pm 0 comment

විශාල දේශභූමියක් සතු චීනය බහුජාතික රටකි. වසර 5000කට වැඩි ඉතිහාසයකට හිමිකම් කියන චීනයේ විවිධ ජාතීන් එකමුතුවෙන් දීප්තිමත් ශිෂ්ටාචාරයක් නිර්මාණය කර ඇත.

චීන මහජන සමූහාණ්ඩුවේ 75වන ජාතික දිනයට පෙර චීන ජනාධිපති ෂී ජින් පිං මහතා රටේ සමස්ත ජාතීන්ගේ සමගිය හා ප්‍රගතිය වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක් ඉටු කළ ආදර්ශවත් කණ්ඩායම් හා පුද්ගලයන් වෙත සම්මාන පිරිනැමීය. එහිදී හෙතෙම දේශනයක් ද සිදු කළේ ය.

පාලක පක්ෂය වශයෙන් චීන කොමියුනිස්ට් පක්ෂය ස්ථාපිත වූ දා සිට මේ දක්වා ජනවාර්ගික සමගිය වෙනුවෙන් දුර්දර්ශී හා බුද්ධිමත් පියවරක් ගෙන ඇතැයි චීන ජනාධිපතිවරයා දේශනයෙන් කියා සිටියේ ය. එම පියවර වන්නේ චීනයේ සියලු ජාතීන් එක්සත් කරමින් සියලු ජාතීන්ගේ සංවර්ධනය හා සමෘද්ධිය සඳහා කටයුතු කිරීම ය. එසේම චීන කොමියුනිස්ට් පක්ෂය සියලු ජාතීන්ගේ සමානත්මතාවයට මුල් තැන දී තිබේ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 18වන ජාතික කොංග්‍රසය පැවැත්වීමෙන් පසු ෂී ජින් පිං මහතා ප්‍රමුඛ පක්ෂ මධ්‍යම කාරක සභාව චීනයේ සමස්ත ජාතීන්ගේ පොදු හවුල යන සංකල්පය ඉදිරිපත් කර ඇත. සමස්ත ජාතීන්ගේ සමගිය හා ප්‍රගතිය වෙනුවෙන් මහඟු සේවය ඉටු කළ කණ්ඩායම් හා පුද්ගලයන් වෙනුවෙන් පැවති මෙවර සම්මාන පිරිනැමීමේ උත්සවයේදී ෂී ජින් පිං ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ජාතීන් 56 එකතු වීමෙන් චීන ජාතික පොදු හවුල නිර්මාණය වී ඇති බවයි. මෙම පොදු හවුලේ හැම ජාතියකටම යහපත් ජීවිතයක් හිමි විය යුතු බව ද හෙතෙම අවධාරණය කළේ ය. ගෙවුණු වසර ගණනාවක් තුළ චීනයේ සියලු ජාතීන් විශේෂයෙන් සුළු ජනගහණය සිටින ජාතීන් වෙනුවෙන් චීන රජය අනුග්‍රාහී ප්‍රතිපත්ති බොහෝමයක් ක්‍රියාත්මක කර ඇත.

චීන ජාතික පොදු හවුල සඳහා විශිෂ්ට සේවය ඉටු කළ කණ්ඩායම් හා පුද්ගලයන් අගය කිරීමේ අරමුණින් 1988 වසරේ සිට සෑම වසර 5කට වරක් චීන රජය සම්මාන පිරිනැමීමේ උත්සවයක් පවත්වයි. මෙවර පැවති එම උත්සවයේදී සමස්ත ජාතීන්ගේ පොදු සමෘද්ධිය සාක්ෂාත් කරගැනීම මෙන් ම චීන ලක්ෂණයෙන් යුත් නවීකරණය වඩාත් ඉදිරියට ගෙන යාම පිළිබඳව චීන ජනාධිපතිවරයා අදහස් දක්වමින් උපදෙස් ද ලබා දී තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT