Home » යුද හමුදාවේ 75 වන සංවත්සරය වෙනුවෙන් ශ්‍රී දළදා මාලිගාවේදී ආශීර්වාද එක් කරයි

යුද හමුදාවේ 75 වන සංවත්සරය වෙනුවෙන් ශ්‍රී දළදා මාලිගාවේදී ආශීර්වාද එක් කරයි

by chanaka
September 29, 2024 2:07 pm 0 comment

ඔක්තෝබර් මස 10 දිනට යෙදී ඇති ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව පැවැත්වූ ආගමික සැමරුම් මාලාවේ දෙවැන්න මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී ඊයේ (28) පැවැත්විණ.

ශ්‍රී දළඳා මාලිගා පරිශ්‍රයේ පැවති මෙම ආශිර්වාද පිංකම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතා ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වූහ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ධජයන් රැගත් යුද්ධ හමුදාධිපතිතුමන් ප්‍රමුඛ යුද්ධ හමුදා නිලධාරින් සහ සෙබලුන් මහත් අභිමානයෙන් හා ගෞරවයෙන් යුතුව ශ්‍රී දළඳා මාළිගාවේ උතුම් දළඳා වහන්සේ වැඩසිටින ගන්ධ කුටිය වෙත ඉතා ශ්‍රද්ධා සිතින් යුතුව පැමිණියහ.

ආගමික වතාවත් මධ්‍යයේ සෙත් පිරිත් සජ්ඣායනා කර රට ආරක්‍ෂා කිරීම උදෙසා කැපවු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ඉදිරි ගමනට ආශිර්වාද එක් කරමින් තේවාව භාර ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය විසින් ධජයන්ට සෙත් පැතූහ.

මෙහිදී යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ශ්‍රී දළඳා මාලිගාවේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා වෙත මූල්‍යමය පරිත්‍යාගයක්ද පිළිගන්වනු ලැබීය.

අස්ගිරි පාර්ශවයේ, පූජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සී නාහිමියන් විසින් අනුශාසනාවක් සිදුකරමින් යුද්ධ හමුදාවේ 75 වසරක අභිමානවත් ඉතිහාසය සහ දේශයේ යහපත උදෙසා ක්‍රියාත්මක කරනු ලබන විවිධ වැඩසටහන් පිළිබඳව ද පැසසුමට ලක්කරමින් අනුශාසනාවක් පවත්වන ලදී.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් රැසක් සහභාගී වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT