සාහිත්‍ය මාසය නිමිති කර ගනිමින් 25 වැනි වරටත් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන “කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය” සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙරේදා (28) පෙරවරුවේ එක් විය. පොත් ප්‍රදර්ශනයට එක් වූ ජනාධිපතිවරයාට එහි පැමිණ සිටි ජනතාවගෙන් හිමිවූයේ ඉතා ඉහළ ප්‍රතිචාරයකි.
මෙවර පොත් ප්‍රදර්ශනය කුටි 400කින් පමණ සමන්විත වන අතර දෙස් විදෙස් පොත් ඇතුළත් කුටි කිහිපයක් නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා ප්‍රදර්ශනයට පැමිණ සිටි ජනතාව සමඟ ද කෙටි පිළිසඳරක නිරත විය.
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර මහතා විසින් ළමා පොත් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියේ කෙටුම්පත ද මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගැන්වීය.
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය වාර්ෂිකව සංවිධානය කරනු ලබන “කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය” මෙම 27 වැනි දින සිට ලබන මස 06 වැනි දින දක්වා පෙ.ව. 9.00 සිට රාත්‍රි 9.00 දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ප්‍රදර්ශන ශාලා පරිශ්‍රයේදී පැවැත්වේ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ලියනගේ අමරකිත්ති, අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් උදාර දික්කුඹුර, අධ්‍යක්ෂ සමන්ති ජයසූරිය, මොරටුව විශ්වවිද්‍යාලයේ සමෝදානික, නිර්මාණ අංශයේ අංශාධිපති රුවන්දිකා සේනානායක මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
උපාලි කරුණාරත්න සහ ජයසිරි මුණසිංහ
ඡායාරූප – රුක්මාල් ගමගේ, රංජිත් අසංක